මාර්ගයේ සිටි ගව රංචුවක් නිසා බස් රථයක් හා වැන් රථයක් ගැටී අයෙක් මරුට

යාපනය සිට මහනුවර බලා ධාවනය වූ බස් රථයක් හා වැන් රථයක් කිලිනොච්චිය අනයිරවූ ප්‍රදේශයේදී අනතුරට ලක් වීමෙන් එක පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 08 දෙනකු තුවාල ලබා ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් කරයි.

මෙම අනතුර (24) අලුයම 04 ට පමණ සිදුව ඇති අතර යාපනය සිට නුවර බලා ධාවනය වූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් හා වවුනියාවේ සිට යාපනය බලා ධාවනය වූ වැන් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබේ.

මාර්ගයේ සිටි ගවයින් රංචුවක බස් රථය ගැටී එය රියදුරුට පාලනය කර ගත නොහැකිව ඉදිරියෙන් පැමිණි වැන් රථයේද ගැටුණු බව මගින් පවසයි.

අනතුරින් තුවාල ලබා රෝහල් ගත කල 08 දෙනා අතරින් 05 දෙනකු බරපතල තුවාල ලබා ඇති බව කිලිනොච්චි රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කරයි.