මාර්ගයේ විදුලි සංඥාවල කම්බි කැපූ 3ක් අත්අඩංගුවට

කටුනායක 18 කණුව මංසන්ධියේ විදුලි සංඥා පද්ධතියේ සහ කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ වසා දමා ඇති කර්මාන්ත ශාලාවල විදුලි රැහැන් කපා ඒවායේ තඹ කම්බි අලෙවි කළ එම කම්හලක ප්‍රධාන ආරක්ෂක ස්ථානාධිපතිවරයා ඇතුළු පුද්ගලයන් 3දෙනෙකු කටුනායක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

18 කණුව මංසන්ධියේ විදුලි සංඥා පද්ධතියේ විදුලි සැපයුම් වයර් කපා රැගෙන යාම හේතුවෙන් සති දෙකක පමණ කාලයක් එම ස්ථානයේ විදුලි සංඥා පද්ධතිය ද පැවතියේ අක්‍රීයවයි.

මේ හේතුවෙන් එම ස්ථානයේ දැඩි රථ වාහන තදබදයක් ද හටගෙන තිබුණා.

එමෙන්ම කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ වසා දමා ඇති කර්මාන්ත ශාලාවල මෙන්ම දැනට සිමෙන්ති සහ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක ප්‍රධාන විදුලි සැපයුම් වයර් ද සැකකරුවන් එලෙස හොර රහසේ කපා ගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සැකකරුවන් කපා ගෙන ගොස් තිබියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති තඹ කම්බි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනාකමකින් යුක්ත බව සඳහන්.

මේ පිළිබඳව සිදු කළ පොලිස් විමර්ශනවලින් අනතුරුව සිමෙන්ති සහ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවේ ප්‍රධාන ආරක්ෂක ස්ථානාධිපතිවරයා සොරකම සිදු කර ඇති බව අනාවරණය වී ඇති අතර සීදුව ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි සැකකරු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට අමතරව කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ වසා දමා ඇති කර්මාන්ත ශාලා කීපයකටම මෙලෙස අනවසරයෙන් ඇතුළු වී එහි ඇති විදුලි රැහැන් කපා ගෙන ගොස් ඒවායේ තිබූ තඹ කම්බි අලෙවි කළ දෙදෙනෙකු ද පොලිස් අත්අඩංගුවට පත්වුණා.

කහටගස්දිගිලිය සහ මාතලේ ප්‍රදේශවල පදිංචි එම සැකකරුවන් දෙදෙනා අවුරුදු 24 සහ 35 වයස්වල පසු වනවා.

ඔවුන් දැනට සීදුව ප්‍රදේශයේ තාවකාලික නේවාසිකාගාරයක ලැගුම් ගෙන සිටින දෙදෙනෙකු බව සඳහන්.

එම සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ද පොලිසිය සොයා ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා ඉතා තදින් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති බවටයි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

සැකකරුවන් තුන්දෙනා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33