මාන්කුලමේ දී යුද හමුදා කැබ් රථයක් අනතුරට ලක් වී සෙබළෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

මාන්කුලම, වසන්තනගර් හන්දියේ දී ලොරි රථයක් ඊට ඉදිරියෙන් ගමන් ගත් යුද හමුදා සෙබළුන් පිරිසක් ගැන ගත් යුද හමුදා කැබ් රථයක ගැටීමෙන් අද (26) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් කැබ් රථයේ පිටුපස ගමන් ගත් සෙබළෙක් ඉන් පිටතට විසි වී ගොස් පසු පසින් පැමිණි ලොරි රථයේ ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් තුවාල ලැබූ තවත් සෙබළුන් 09 දෙනෙක් ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 39ක යුද හමුදා සැරයන්වරයෙක්.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මාන්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්