මාකඳුරේ මධූෂ්, කොස්ගොඩ තාරක, අංගොඩ ලොක්කා සහ ඇල්ෆ්‍රඩ්ට මොකද වුණේ ?

“අවි ගත්තෝ අවියෙන් ම නසී” යන කියමන වර්තමාන සමාජයේ විවිධ සිදුවීම් වලින් ම තහවුරු වෙයි.

අපරාධයක් සිදුකර උසස් තනතුරු ලබන්නට මේ අංගුලිමාල සිටි, බුදුන්ගේ දවස නොවෙයි.

අපරාධ අතරින් මුලු මහත් සමාජයට ම පිළිලයක් වී ඇත්තේ පාතාලයයි.

මෑත දී බොහෝ පාතාලයට සම්බන්ධ අයවලුන් මහමඟ වෙඩි කා මිය ගියේ ඉහත කී කාරණය නැවත නැවතත් තහවුරු කරමින් ය.

සමාජය තුළ විවිධ මතවාද ගොඩ නැගීමටත්, දූෂණ, වංචා,මංකොල්ලකෑම් හා මිනී මැරුම් සිදු කිරීම සඳහාත් මේ පාතාල කල්ලි බිහි වේ.
කෙසේ නමුත්, මේ අපරාධයන් සිදු වන්නේ මෑතක සිටනම් නොවේ.

‘මරුසිරා’,’ඇල්ෆ්‍රඩ් සොයිසා’ යන පෝරකයට නියම වූ අපරාධකරුවන් ඊට උදාහරණ සපයයි.

වර්ථමානයේ නම්,කවුරුත් දන්නා ”මාකඳුරේ මධුෂ් ‘, ”කොස්ගොඩ තාරක”, ඌරුජුවා’,අංගොඩ ලොක්කාගේ නම් ප්‍රසිද්ධ ය.

ඇල්ෆ්‍රඩ් සොයිසා යනු විදේශ රටකින් පවා ඉගෙනගෙන පැමිණි දක්ෂ වෛද්‍යවරයෙකි.

නීති විරෝධි අපරාධකරුවන් ට ප්‍රතිකාර කරමින් ඔවුන් හා සමීප වු ඔහු විවිධ අපරාධ සඳහා යොමු වු බව කිය වේ.

මෙය කිය වු ඔබට එතරම් උගත් අයෙක් එවැනි තත්ත්වයකට පත් වුණේ ඇයි දැයි ප්‍රශ්නයක් මතු වුනි ද, අපගේ අභිප්‍රාය සාර්ථක ය.
අප කතාබහට සූදානම් වන්නේ මේ අපරාධකරුවන් බිහි වීමට හේතු ගැන යම් විවිරණයක් කිරීමට ය.ඒ පිළිබඳ මා මුලින් සඳහන් නොකල අපරාධකරුවෙක්ගෙන් පටන් ගන්නට කැමති ය.

ඔහු නම් දශක තුනක් තම බලය පතුරවමින් අහිංසක සිවිල් වැසියන් දහස් ගණන් ඝාතනය කර, මෙතෙක් සිටි කුරිරුම අපරාධකරු ලෙස හංවඩු ගැසුනු වේලුපිල්ලේ ප්‍රභාකරන් ය.ඔහුගේ අරගලය බිම් අඟලක් වෙනුවෙන් ය.

තම ජාතිය වෙනුවෙන් අරගල කළ නායකයෙක් ලෙස පිලිගන්නා ඇතැමුන් ඔහුව අදටත් දේවත්වයන් සලකන බව නොරහසකි.
ප්‍රභාකරන් සටන් කර මේ අරගලය ජය ගන්නට සිතුවේ ඇයි?

අතීතයේ සිට ම ලංකාව ස්වාධීන රටක් වෙනුවෙන් සුද්දා සමඟ ද සටන් කළ ජාතියකි.

ඒ නිසාම රට සිංහල, දෙමළ ලෙස බෙදා ජීවත් වීමට පාලකයන් අකැමති වීම නිසා ‘යාපනය දෙමළාට’ කියා සටන් කිරීම සිදු විය.

ප්‍රභාකරන් ලෙස අපරාධකරුවෙකු බිහි වීමට හේතුව වූයේ එයයි.නමුත්, අකැමැත්තෙන් වුවත් සදහන් කළ යුතු දෙයක් වෙයි මෙහි එනම්, ඒ යුද්ධය එතරම් ශක්තිමත් වීම ට දේශපාලනික හස්තයන්ද කොනකින් සම්බන්ධ වුණි..

ඒ පිළිබඳ මගෙ කතාවට එතරම් වැදගත් නොවෙන බැවින් කිසිවක් නොකියමි.

වෛද්‍ය සොයිසා; ඔහු ගැන කතා කරද්දි පොතපතින් උගත්කම ගත්ත ද, බුද්ධිමත්කම පොතපතින් ගත නොහැකි බව ඔහුගේ චරිතයෙන් මනාව පැහැදිලි වෙයි.

වෛද්‍යවරයෙක්ගේ කාර්යය නම් තරාතිරමක් නොබලා සෑම රෝගියෙක්ට ම එක හා සමාන ලෙස සැලකීම ය.

ඒ ධර්මතාව මුලික කොටගෙන අපරාධකරුවන්ට ප්‍රතිකාර කිරීම සාධාරණ වුවත්, අසත් පුරුෂයන් සමඟ ගනුදෙනු කිරීම හා ඔවුන් ඇසුරු කිරීම තුලින් අවසානයේ තවත් අපරාධකරුවෙක් බිහි විය.

අපරාධකරුවන් බිහි වීමට හේතුනම් විවිධාකාරය.කුඩා කාලයේ සිට ම මවු-පිය සෙනෙහස,රැකවරණය අහිමි වීම දරුවන්ගේ මනසට බොහෝ බලපෑම් ඇති කරන්නකි.

එවිට දරුවන්, මුරංඩු ගති පැවතුම්,දරුණු වීම් හා කලබලකාරී හැසිරීම් පෙන්නුම් කරයි.

මාකඳුරේ මදුෂ්ට අපරාධකරුවෙක් වීමට මඟ සෑදුනේ ඔහු කුඩා කාලයේදීම තම මවගේ අහිමි වීමත්, පියාගේ වෙන්වීමත් නිසා ඇති වු මානසික පීඩාව විය හැකි ය.

සමහර ආගම් තුළින් ද ද්වේෂය හා පලිගැනීම ධර්මයක් සේ උගන්වයි. එවැනි දේ පිලිගන්නා මිනිසුන් යටතේ සිටීම ද අපරාධකරුවන් බිහිවීම ට ඉඩ සලසයි. ඊට හොදම නිදසුන නම් පාස්කු ප්‍රහාරය යි.

අහිංසක මිනිසුන් සිය ගණනක් අමුවේ පුපුරා දමා ස්වර්ගයේ කන්‍යාවියන් සොයන මුග්ධ මිනිසුන් සිටින සමාජයකි මේ.

මේ පිරිහී යනුයේ සමාජයේ තරුණ ජීවිතයන් ය. ආකල්ප හා කුඩා කාලයෙදී ම ගුණදම් ඉගැන්වීම තුළින් මේ අපරාධීන් බිහි වීම වැළැක්විය හැකි බව මගේ අදහසයි.

එලෙසම මෙවැනි දේ සඳහා යොමු වූවන් කොන් නොකර ඔවුන් නිසි ලෙස පුනරුථාපනය කිරීමට කටයුතු කළ හැකි නම් කාලොචිත වෙනු ඇත..

සටහන – ගොසිප් ලංකා නිව්ස්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28
Video thumbnail
ඇල්ලේ Parking එකේ චන්ඩි අංකල් - හැරෙව්වත් රු.100යි.
01:33
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි
01:43
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ
01:49
Video thumbnail
හිරේ දාන්න යනවා කියලා නාමල්ට ඕන රැස්වීමට සෙනඟ අද්දවගන්න - ආණ්ඩුව නෙවෙයි පච ගැහුවේ
02:44
Video thumbnail
නඩු ටික මතක තියාගෙන රැස්වීම් කරගෙන යන්න - නලින්දගෙන් සැර කතාවක්
02:58