Empty Ad
AFC Banner
Empty Ad

මාකඳුරේ මධූෂ්, කොස්ගොඩ තාරක, අංගොඩ ලොක්කා සහ ඇල්ෆ්‍රඩ්ට මොකද වුණේ ?

“අවි ගත්තෝ අවියෙන් ම නසී” යන කියමන වර්තමාන සමාජයේ විවිධ සිදුවීම් වලින් ම තහවුරු වෙයි.

අපරාධයක් සිදුකර උසස් තනතුරු ලබන්නට මේ අංගුලිමාල සිටි, බුදුන්ගේ දවස නොවෙයි.

අපරාධ අතරින් මුලු මහත් සමාජයට ම පිළිලයක් වී ඇත්තේ පාතාලයයි.

මෑත දී බොහෝ පාතාලයට සම්බන්ධ අයවලුන් මහමඟ වෙඩි කා මිය ගියේ ඉහත කී කාරණය නැවත නැවතත් තහවුරු කරමින් ය.

සමාජය තුළ විවිධ මතවාද ගොඩ නැගීමටත්, දූෂණ, වංචා,මංකොල්ලකෑම් හා මිනී මැරුම් සිදු කිරීම සඳහාත් මේ පාතාල කල්ලි බිහි වේ.
කෙසේ නමුත්, මේ අපරාධයන් සිදු වන්නේ මෑතක සිටනම් නොවේ.

‘මරුසිරා’,’ඇල්ෆ්‍රඩ් සොයිසා’ යන පෝරකයට නියම වූ අපරාධකරුවන් ඊට උදාහරණ සපයයි.

වර්ථමානයේ නම්,කවුරුත් දන්නා ”මාකඳුරේ මධුෂ් ‘, ”කොස්ගොඩ තාරක”, ඌරුජුවා’,අංගොඩ ලොක්කාගේ නම් ප්‍රසිද්ධ ය.

ඇල්ෆ්‍රඩ් සොයිසා යනු විදේශ රටකින් පවා ඉගෙනගෙන පැමිණි දක්ෂ වෛද්‍යවරයෙකි.

නීති විරෝධි අපරාධකරුවන් ට ප්‍රතිකාර කරමින් ඔවුන් හා සමීප වු ඔහු විවිධ අපරාධ සඳහා යොමු වු බව කිය වේ.

මෙය කිය වු ඔබට එතරම් උගත් අයෙක් එවැනි තත්ත්වයකට පත් වුණේ ඇයි දැයි ප්‍රශ්නයක් මතු වුනි ද, අපගේ අභිප්‍රාය සාර්ථක ය.
අප කතාබහට සූදානම් වන්නේ මේ අපරාධකරුවන් බිහි වීමට හේතු ගැන යම් විවිරණයක් කිරීමට ය.ඒ පිළිබඳ මා මුලින් සඳහන් නොකල අපරාධකරුවෙක්ගෙන් පටන් ගන්නට කැමති ය.

ඔහු නම් දශක තුනක් තම බලය පතුරවමින් අහිංසක සිවිල් වැසියන් දහස් ගණන් ඝාතනය කර, මෙතෙක් සිටි කුරිරුම අපරාධකරු ලෙස හංවඩු ගැසුනු වේලුපිල්ලේ ප්‍රභාකරන් ය.ඔහුගේ අරගලය බිම් අඟලක් වෙනුවෙන් ය.

තම ජාතිය වෙනුවෙන් අරගල කළ නායකයෙක් ලෙස පිලිගන්නා ඇතැමුන් ඔහුව අදටත් දේවත්වයන් සලකන බව නොරහසකි.
ප්‍රභාකරන් සටන් කර මේ අරගලය ජය ගන්නට සිතුවේ ඇයි?

අතීතයේ සිට ම ලංකාව ස්වාධීන රටක් වෙනුවෙන් සුද්දා සමඟ ද සටන් කළ ජාතියකි.

ඒ නිසාම රට සිංහල, දෙමළ ලෙස බෙදා ජීවත් වීමට පාලකයන් අකැමති වීම නිසා ‘යාපනය දෙමළාට’ කියා සටන් කිරීම සිදු විය.

ප්‍රභාකරන් ලෙස අපරාධකරුවෙකු බිහි වීමට හේතුව වූයේ එයයි.නමුත්, අකැමැත්තෙන් වුවත් සදහන් කළ යුතු දෙයක් වෙයි මෙහි එනම්, ඒ යුද්ධය එතරම් ශක්තිමත් වීම ට දේශපාලනික හස්තයන්ද කොනකින් සම්බන්ධ වුණි..

ඒ පිළිබඳ මගෙ කතාවට එතරම් වැදගත් නොවෙන බැවින් කිසිවක් නොකියමි.

වෛද්‍ය සොයිසා; ඔහු ගැන කතා කරද්දි පොතපතින් උගත්කම ගත්ත ද, බුද්ධිමත්කම පොතපතින් ගත නොහැකි බව ඔහුගේ චරිතයෙන් මනාව පැහැදිලි වෙයි.

වෛද්‍යවරයෙක්ගේ කාර්යය නම් තරාතිරමක් නොබලා සෑම රෝගියෙක්ට ම එක හා සමාන ලෙස සැලකීම ය.

ඒ ධර්මතාව මුලික කොටගෙන අපරාධකරුවන්ට ප්‍රතිකාර කිරීම සාධාරණ වුවත්, අසත් පුරුෂයන් සමඟ ගනුදෙනු කිරීම හා ඔවුන් ඇසුරු කිරීම තුලින් අවසානයේ තවත් අපරාධකරුවෙක් බිහි විය.

අපරාධකරුවන් බිහි වීමට හේතුනම් විවිධාකාරය.කුඩා කාලයේ සිට ම මවු-පිය සෙනෙහස,රැකවරණය අහිමි වීම දරුවන්ගේ මනසට බොහෝ බලපෑම් ඇති කරන්නකි.

එවිට දරුවන්, මුරංඩු ගති පැවතුම්,දරුණු වීම් හා කලබලකාරී හැසිරීම් පෙන්නුම් කරයි.

මාකඳුරේ මදුෂ්ට අපරාධකරුවෙක් වීමට මඟ සෑදුනේ ඔහු කුඩා කාලයේදීම තම මවගේ අහිමි වීමත්, පියාගේ වෙන්වීමත් නිසා ඇති වු මානසික පීඩාව විය හැකි ය.

සමහර ආගම් තුළින් ද ද්වේෂය හා පලිගැනීම ධර්මයක් සේ උගන්වයි. එවැනි දේ පිලිගන්නා මිනිසුන් යටතේ සිටීම ද අපරාධකරුවන් බිහිවීම ට ඉඩ සලසයි. ඊට හොදම නිදසුන නම් පාස්කු ප්‍රහාරය යි.

අහිංසක මිනිසුන් සිය ගණනක් අමුවේ පුපුරා දමා ස්වර්ගයේ කන්‍යාවියන් සොයන මුග්ධ මිනිසුන් සිටින සමාජයකි මේ.

මේ පිරිහී යනුයේ සමාජයේ තරුණ ජීවිතයන් ය. ආකල්ප හා කුඩා කාලයෙදී ම ගුණදම් ඉගැන්වීම තුළින් මේ අපරාධීන් බිහි වීම වැළැක්විය හැකි බව මගේ අදහසයි.

එලෙසම මෙවැනි දේ සඳහා යොමු වූවන් කොන් නොකර ඔවුන් නිසි ලෙස පුනරුථාපනය කිරීමට කටයුතු කළ හැකි නම් කාලොචිත වෙනු ඇත..

සටහන – ගොසිප් ලංකා නිව්ස්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 ලංකාවට එන ක්‍රිකට් වසන්තය මෙන්න
08:03
Video thumbnail
රාමසාන් ඉෆ්තාර් උත්සවය මාර්තු මස 27වන බ්‍රහස්පතින්දා පැවැත්වේ
00:26
Video thumbnail
PRAHARAYA|තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහභාගී වන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:29:34
Video thumbnail
රටක ඇමති කෙනෙක් වෙන්න සුදුසුකමක් තියෙන්න ඕන
10:23
Video thumbnail
අපි මේ මාස ටිකට කරපු දේවල් ඔයාලට හිතා ගන්නවත් බෑ - ඇමතිලා පොලේ යනවා දැකලම නැත්ද නාමල්
08:04
Video thumbnail
තරුණ කටයුතු ඇමතිට විහිළු කළාට ඇමති දීපු උත්තරේ
04:41
Video thumbnail
පිටසක්වල ජීවින් එනවා කියන බඩු නේ මේ - සජබේ නයනක දෙනවා දීමක් ඇප නැති වෙන්න
18:06
Video thumbnail
චන්දන සූරියබණ්ඩාර සුපිරි කතාවක් කරයි
03:19
Video thumbnail
ලොකු හාමුදුරුවෝ ඝා#නය කරයි - සංවේදී දර්ශන ඇති බව සලකන්න
03:03
Video thumbnail
කොන්ද පණ නැති ආණ්ඩුවක් මේ ආණ්ඩුව - හාමුදුරුවෝ මාධ්‍ය හමුවේ ආණ්ඩුවට දෙසයි
12:43

?