spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මළ මිනියක් ඉක්මනින් නිදහස් කර දියහැකියි කියා රුපියල් 130,000ක් අරන්

මුදල් වංචාවක් සම්බන්ධයෙන් මරදාන පොලීසිය විසින් පුද්ගලයෙකු ඊයේ (06) පුංචි බොරැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා විසින් කඩිනමින් මෘත දේහයක් නිදහස්කර දියහැකි බව පවසා රුපියල් 130,000ක මුදලක් මෙලෙස වංචාකර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 28 වනදා මරදාන ප්‍රදේශයේ පාලමක් අසළ වැටී මියගිය පුද්ගලයෙකුගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ දී ඔහුගේ සහෝදරයා විසින් හඳුනාගෙන තිබෙනවා.

එහිදී එම මෘත දේහය කඩිනමින් නිදහස්කර දියහැකි බව සැකකරු විසින් පවසා ඇති අතර, අධිකරණ නිලධාරීන්ට, රෝහල් කාර්ය මණ්ඩලයට සහ පොලිස් නිලධාරීන්ට මුදල් ලබාදුනහොත් ඉක්මනින් එය නිදහස්කර ගත හැකි බව පවසා රුපියල් 130,000ක මුදලක් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මරදාන පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක පුද්ගලයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?