මහ බැංකුව විදෙස්ගත ලාංකිකයින්ගෙන් උදව් ඉල්ලයි

විදේශ විනිමය සංචිත පහල වැටීම නිසා ජනතාව මුහුණදෙනු ලබන දුෂ්කරතා අවම කිරීමට විදෙස්ගත සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් සහ පරිත්‍යාගශීලින්ගෙන් සහාය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා.

එලෙස ලැබෙන විදේශ විනිමය පරිත්‍යාග ඖෂධ, ඉන්ධන, ආහාර වැනි බෙහෙවින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා පමණක් භාවිත කරන බවට සහතික වන බවයි සිය ෆේස්බුක් ගිණුමට පණිවුඩයක් එක් කරමින් මහ බැංකුව කියා සිටියේ.

මෙම විදේශ විනිමය ලැබීම් සහ ඒවායේ භාවිතය, විනිවිදභාවයෙන් පවත්වාගෙන යෑම සඳහා මහ බැංකු අධිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 03 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්ද පත්කර තිබෙනවා.

පරිත්‍යාග පිළිබඳ තොරතුරු එෆ් ඩී ඒ සී සී ඇට් සී බී එස් එල් ඩොට් එල් කේ ([email protected]) විද්‍යුත් තැපෑලෙන් හෝ 076 83 15 782 යන වට්ස්ඇප් අංකයට පණිවුඩයක් එවීමෙන් ලබාගත හැකි බව මහ බැංකුව නිවේදනය කළා.

මේ අතර, ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි විකිණීමට ඉදිරිපත් කරන සෑම භාණ්ඩයකම සැපයුම්කරුගේ නම, ලිපිනය, දිනය, ගැණුම් මිල, භාණ්ඩ වර්ගයේ නම, ප්‍රමාණය යන තොරතුරු වෙළදුන් සතුව තිබිය යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29