මහ කන්නයේ දී වී ගොවීන්ට අවශ්‍ය ඉන්ධන සැපයීමේ වගකීම දිස්ත්‍රික් ලේකම්වරුන්ට

මහ කන්නයේ දී වී ගොවීන්ට අවශ්‍ය ඉන්ධන සැපයීමේ වගකීම දිස්ත්‍රික් ලේකම්වරුන්ට

මහ කන්නයේ දී වී ගොවීන්ට අවශ්‍ය ඉන්ධන හිඟයකින් තොරව සැපයීමේ වගකීම සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පවරා තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම උපදෙස් ලබා දී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.

ඒ, අනුව මහ කන්නයට අවශ්‍ය ඉන්ධන හිඟයකින් තොරව සැපයීම සම්බන්ධීකරණය සඳහා ලංකා ඛනිජතෙල් සංස්ථාව විසින් විශේෂ නිලධාරියෙක් පත් කිරීමට ද නියමිතයි.

එමෙන්ම සියලු දිස්ත්‍රික් ලේකම්වරු විසින් ඊට අවශ්‍ය පියවර ගත යුතු බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළා.

වී වගාවට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමේ දී ගැටළුවක් පවතී නම් ගොවීන් දිස්ත්‍රික් ලේකම්වරයා සමඟ සාකච්ඡා කළ යුතු බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියා.

එමෙන්ම දැනට පවතින භූමිතෙල් පිළිබඳ ගැටළුව මේ මස 20 වනදායින් පසුව විසඳීමට කටයුතු යොදා ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46