මහ කන්නයේ දී වී වගාව හා අනෙකුත් වගාවන් සඳහා අවශ්‍ය වන කෘමි නාශක හා වල් නාශක දිවයින පුරා පිහිටි ගොවි ජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ බෙදාහැරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සමඟ ගොවි නියෝජිතයින් සහ කෘමිනාශක බෙදාහරින සියලු පෞද්ගලික සමාගම් සිදුකළ සකච්ඡාවකදී මෙම වැඩපිළිවෙල වෙනුවෙන් එකඟත්වයට පැමිණ තිබෙනවා.
අදාළ බෙදාහැරීම් කටයුතු සතියක් හෝ දෙකක් වැනි කෙටිකාලයක් තුළ කඩිනමින් සිදුකරන ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී ඇති බව සඳහන්.
ඒ, අනුව ගොවීන්ට අවශ්‍ය කෘමිනාශක හා වල් නාශක දිවයින පුරා ඇති ගොවි ජන සංවර්ධන මධ්‍යස්ථාන 566කින් මඟින් මිලදී ගැනීමට හැකි බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.














