මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීම්

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.

මහ ඔය ද්‍රෝණියේ සහ දැදුරු ඔය ද්‍රෝණිය ආශ්‍රිතව ඇද හැලෙන අධික වර්ෂාපතනය හමුවේයි මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ.

මහ ඔය ද්‍රෝණියේ ඇතැම් ධාරා ප්‍රදේශයන්වලට මේ වන විට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් මහ ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟාවල ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 36ක කාලය තුළ අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහ ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එමෙන්ම දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රවේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයේ ජල මට්ටම ගංවතුර තත්ත්වයට ආසන්න වෙමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම මේ වන විට දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර මේ වන විට තත්ත්පරයට ඝණ අඩි 16,250 කින් දැදුරු ඔයට ජලය මුදාහරිමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පැවසුවා.

ඒ අනුව ඉදිරියේදී මෙම තත්ත්වය වැඩි විය හැකි බවත් මේ හේතුවෙන් දැදුරු ඔය ආශ්‍රිතව පිහිටි වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව, සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රවේශ වෙත ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ හේතුවෙන් එම ජලාශ ආශ්‍රිතව පහළ නිම්නයන් හී පදිංචිකරුවන් මෙන්ම ඉහත සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිත පදිංචිකරුවන් මෙන්ම එම ප්‍රවේශ මාර්ග භාවිතා කරන සියලු පිරිස් වෙත මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05