මහීෂ් තීක්ෂණ ට විරෝධයක්

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේදී, ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මිලදී ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කටයුතු කර තිබුණි.

ඒ පිළිබඳව තමිල්නාඩු ප්‍රාන්ත වැසින්ගෙන් හා චෙන්නායි කිංග්ස් ක්‍රීඩාලෝලීන්ගෙන් දැඩි අප්‍රසාදයක් එල්ලවී ඇති බව ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

එම වෙබ් අඩවිය වාර්තා කළේ, මහීෂ් තීක්ෂණ හමුදා නිලධාරියෙක්වීම මෙලෙස එම ප්‍රාන්ත වැසියන්ගේ අප්‍රසාදය පළවීමට හේතුවී ඇති බවය.

15වන ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පසුගිය සති අන්තයේදී බැංග්ලෝර්හිදී පැවැත්වුණි.

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පස්දෙනෙකු ඒ ඒ කණ්ඩායම් විසින් මිලදී ගත් අතර ශ්‍රී ලංකාවේ දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණව මිලදී ගත්තේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමය.

30 වසරක් පුරාවට පැවති යුද්ධයේදී දමිළ වැසියන්ට සිදුවු තාඩන පීඩන කිසිසේත් අමතක කළ නොහැකි බවත් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී තමිල්නාඩු ධීවරයන්ට හිරිහැර සිදුවන පසුබිමක මහීෂ් තීක්ෂණ මිලදී ගැනීම  අනුමත කළ නොහැකි බවට ක්‍රීඩාලෝලීන් චෝදනා කරන බව එම වෙබ් අඩවිය වාර්තා කර ඇත.

නමුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මේ දක්වා ඊට ප්‍රතිචාර දක්වා නොමැත.

2013 වසරේ IPL තරගාවලියේදී ද  එවකට තමිල්නාඩු මහා ඇමතිනි ජයලලිතා ජයරාම් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගී වන තරග වෙනුවෙන් තමිල්නාඩුව සත්කාරකත්වය ලබාදීම ප්‍රතික්ෂේප කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?