spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහින්දානන්ද සූදානම් බව කියයි

පළාත් පාලන මැතිවරණයක් පවත්වන්නේ නම් එම මැතිවරණයට මුහුණදිමට ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සුදානම් බව හිටපු අමාත්‍ය සහ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

නාවලපිටිය ගල්පාය ප්‍රදේශයේ (11) දින පැවති ජන හමුවකදි මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් පැවසිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ එවැනි මැතිවරණයකදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ බහුතර පිරිසක් , වාමාංශික පෙරමුණේ විශාල පිරිසක් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමග එකට එක් වි මැතිවරණයකට මුහුණ දිමට සුදානම් බවයි.

කොවිඩ් වසංගත සමයේ දේශිය සංචාරක කර්මාන්තය කඩා වැටිම නිසා රටේ ආර්ථික ගැටළුවක් ඇති වු බවත්, එම ගැටළුව නිසා රටේ ජනතාවට දැඩි පිඩාවක් ඇති වු බවයි.

රටේ ආර්ථික තත්ත්වය යලි යථා තත්ත්වයට පත් කිරිමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටින බවත්, ඒ සදහා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන්ගේ සහයෝගය ජනාධිපතිවරයාට ලබාදෙන බවයි.

ජනතා විමුක්ති පෙරමුණ කලකදි මැතිවරණ අකුලා ගන්නා ලෙස පවසන බවත්, මේ වන විට යලිත් පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස රට පුරා රැස්විම් මලාවක් පවත්වන බවයි.

එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ කතා විලාසන සිත් ගන්නා සුළු වුවද එම පක්ෂ නායකයාට හෝ එම පක්ෂයට රටේ ආර්ථික තත්ත්වය යලි යථා තත්ත්වයට පත් කිරිමට කිසිදු වැඩපිලිවෙලක් නොමැති බවයි.

පැවති ඉන්ධන හිගය , ගැස් හිගය නිසා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලයට ඉවත් විමට සිදු වු බවත්, එවැනි තත්ත්වයක් යලි ඇති නොවිමට තම පක්ෂය ඉදිරියේදි කටයුතු කරන බවයි.

https://youtu.be/2plMzJIaz_k
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?