මහින්දානන්ද සූදානම් බව කියයි

පළාත් පාලන මැතිවරණයක් පවත්වන්නේ නම් එම මැතිවරණයට මුහුණදිමට ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සුදානම් බව හිටපු අමාත්‍ය සහ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

නාවලපිටිය ගල්පාය ප්‍රදේශයේ (11) දින පැවති ජන හමුවකදි මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් පැවසිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ එවැනි මැතිවරණයකදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ බහුතර පිරිසක් , වාමාංශික පෙරමුණේ විශාල පිරිසක් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමග එකට එක් වි මැතිවරණයකට මුහුණ දිමට සුදානම් බවයි.

කොවිඩ් වසංගත සමයේ දේශිය සංචාරක කර්මාන්තය කඩා වැටිම නිසා රටේ ආර්ථික ගැටළුවක් ඇති වු බවත්, එම ගැටළුව නිසා රටේ ජනතාවට දැඩි පිඩාවක් ඇති වු බවයි.

රටේ ආර්ථික තත්ත්වය යලි යථා තත්ත්වයට පත් කිරිමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටින බවත්, ඒ සදහා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන්ගේ සහයෝගය ජනාධිපතිවරයාට ලබාදෙන බවයි.

ජනතා විමුක්ති පෙරමුණ කලකදි මැතිවරණ අකුලා ගන්නා ලෙස පවසන බවත්, මේ වන විට යලිත් පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස රට පුරා රැස්විම් මලාවක් පවත්වන බවයි.

එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ කතා විලාසන සිත් ගන්නා සුළු වුවද එම පක්ෂ නායකයාට හෝ එම පක්ෂයට රටේ ආර්ථික තත්ත්වය යලි යථා තත්ත්වයට පත් කිරිමට කිසිදු වැඩපිලිවෙලක් නොමැති බවයි.

පැවති ඉන්ධන හිගය , ගැස් හිගය නිසා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලයට ඉවත් විමට සිදු වු බවත්, එවැනි තත්ත්වයක් යලි ඇති නොවිමට තම පක්ෂය ඉදිරියේදි කටයුතු කරන බවයි.

https://youtu.be/2plMzJIaz_k
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36