මහින්දගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාට ඇප

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළා.

රුපියල් 50,000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 03ක් මත සැකකරු මුදාහරින ලෙස නියෝග කළ අධිකරණය සැකකරුට විදේස් ගමන් තහනම් කරන බවයි නියෝග කළේ.

අනතුරුව මෙම නඩුව ලබන ජනවාරි මස 16 වනදා කැඳවන ලෙස නියෝගකර සිටියා.

රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?