මහින්දගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා තව දුරටත් රිමාන්ඩ්

හිටපු ජනානධිපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි මේ මස 31 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රත් අධිකරණය අද (17) නියෝග කර තිබෙනවා.

ඔහු වෙනුවෙන් අද දිනයේ සිදුකළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

එමෙන්ම වැඩිදුර විමර්ශන පවත්වා ඉදිරි දිනයේ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කර සිටියා.

රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට අල්ලස් කොමිසම විසින් හිටපු ජනානධිපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චිට එරෙහිව චෝදනා ගොනුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?