මහා යතිවරයාණන් වහන්සේට අමා මහ නිවන් සුව

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත, මහා මහෝපාධ්‍යාය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (25) සිදුකෙරුණි.

ඒ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදීය.

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් පසුගිය 22වනදා අලුයම අපවත් වුයේ කොළඹ පෞද්ගලික රෝහලකදීය.

උන්වහන්සේ අපවත් වන විට 88 වැනි වියේ පසුවිය.

මහනාහිමියන්ගේ ශ්‍රී දේහය ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමයේ තැන්පත් කර තිබූ අතර උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා පසුගිය දින කිහිපයේ මෙන්ම අදත්, මහා සංඝරත්නය ඇතුළු බොහෝ පිරිසක් එහි පැමිණියහ.

මහනාහිමියන් සිදුකළ ජාතික, ආගමික සහ ශාසනික සේවය සැලකිල්ලට ගනිමින් අද දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද රජය පියවර ගෙන තිබුණි.

විහාරස්ථානයේදී ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව අදාහන පූජෝත්සවය පැවැත්වෙන නිදහස් චතුරස්‍රය වෙත ශ්‍රී දේහය වැඩමවීම අද දහවල් 1.30ට පමණ සිදුකරුණි.

ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් පැවති ආදාහන පූජෝත්සවයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද මෙහිදී අදහස් පළ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?