Empty Ad
Empty Ad
AFC Banner

මහවැසි මැද උතුරේ මහ සිරියෙන් සැමරූ මහවිරු සැමරුම (වීඩියෝ)

කිලිනොච්චියේ – කනකපුරම්හි මහවිරු සැමරුම උත්සවශ්‍රීයෙන් සිදු කර තිබෙනවා.

අධික වැසි මධ්‍යයේ වුව ද, ද්‍රවිඩ ජනතාව මහවිරු සැමරීමට එක් ව සිටි බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

උතුරු පළාතේ පවත්වන මහවිරු සැමරුම මෙවර කිලිනොච්චිය – කනපුරම් මහවිරු සුසාන භූමිය කේන්ද්‍ර කරගනිමින් ඊයේ (27) රාත්‍රියේ දී පැවැත්වුණා.

වර්ෂාව නොතකා කනකපුරම් මහවිරු සැමරුම් උත්සවය සඳහා මහවිරු පවුල්හි විශාල ජනකායක්
රැස්ව සිටියේ යුද්ධයේ දී මියගිය සිය ඥාතීන් සිහිපත් කිරීමටයි.

මේ සඳහා යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කයන්හි සිට ද මහවිරු පවුල්හි ඥාතීන් සහභාගී වී සිටියා.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය නොවැම්බර් 26 වනදාට යෙදීම සහ එම සංවිධානයේ කර්නල්වරයෙකු වූ ශංකර් නමැත්තා ආරක්ෂක අංශ ප්‍රහාරයකින් 1982 වසරේ නොවැම්බර් 27 වනදා මිය යාමත් හේතුවෙන් මෙලෙස මහවිරු සැමරුම් සිදු කෙරෙන බවයි පැවසෙන්නේ.

කිලිනොච්චිය ප්‍රධාන සැමරුමට අමරත ව උතුරේ තැනින් තැන ද විවිධ වූ මහවිරු සැමරුම් සංවිධානය කර තිබුණා.

මේ අතර යුද්ධයෙන් මියගිය අය සිහිපත් කිරීමට අවස්ථාව ලැබුණ ද; තහනම් ත්‍රස්ත සංවිධානයක
සාමාජිකයින් හෝ එම සංවිධානයක් ප්‍රසිද්ධියේ සිහිපත් කරන්නේ ද, යන්න පිළිබඳව සොයා බැලීම සඳහා උතුරු පළාතේ පොලීසිය සහ ආරක්ෂක අංශ එක්ව පුළුල් නිරීක්ෂණ මෙහෙයුමක ද යෙදුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
6
+1
2
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?