මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරලී තුනක් අතුරුදන්

සූරියවැව – මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරලීමෙන් අද (12) සිදු වූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ ඔරුවේ සිටි තවත් පුද්ගලයින් පස්දෙනෙකු බේරාගෙන රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 10, 16 සහ 18 වියේ පසුවන්නන් බවයි පොලීසිය පැවසුවේ.