මහනුවර විශේෂ මෙහෙයුමකින් කාන්තාවන් ඇතුලු 10ක් අත්අඩංගුවට

පොලිසිය නිල සුනඛ අංශයේ නිලධාරීන් සමග එක්ව කළ වැටලීමකින් හෙරොයින් සමග කාන්තාවන් ඇතුලු 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ උදෑසන මහනුවර පොලිසිය කළ මෙම වැටලීමේදී සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 39යි මිලිග්‍රෑම් 265ක් සොයාගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.

අත්අඩංගුවට පත්වූවන් අතර කාන්තාවන් 4 දෙනෙකු ද වනවා.

අවුරුදු 24ත් 52ත් අතර වයස්වල පසුවන සැකකරුවන් හීරැස්සගල, සුදුහුම්පොල, මහයියාව, මහනුවර සහ දිගන ප්‍රදේශවල පදිංචිකරුවන්.

කටුගස්තොට සහ රෝහල් පටුමග ප්‍රදේශවල පදිංචි සැකකාරියන් අවුරුදු 24ත් 49ත් අතර වයස්වල පසුවන්නියන් වනවා.

මෙම විශේෂ මෙහෙයුමට පොලිස් නිලධාරීන් 48 දෙනෙකු සහභාගී වූ බව සඳහන්. අත්අඩංගුවට ගත් පිරිස අද මහනුවර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57
Video thumbnail
මෙයාලා යන්නෙත් රනිල් එලපු IMF කාපට් එකේ - මාලිමාව පිටිපස්සේ තියෙන්නේ JVPයJVPය පිටිපස්සේ තව කට්ටියක්
06:12
Video thumbnail
දේශපාලකයෝ හිරේ දැමීමේ හේතුව දයාසිරි කියයි ?අවු:2ට හිරේ දැම්මම අවු:7ක් දේශපාලනය කරන්න බැ
03:45