spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහනුවර – මහියංගනය මාර්යේ ගමන් ගන්නා රියදුරන්ට පොලිසියෙන් දැනුම්දීමක්

මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය 18 වංගුව ප්‍රදේශයන් වසා දැමීම හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙනවා.

ඊයේ (19) සවස් කාලයේ දී ඇති වූ අධික වැසි තත්ත්වය සමඟ 18 වංගුව 02 වන වංගුවට ආසන්නයේ ගල් සහ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණා.

ඒ, අනුව පොලිසිය දැනුම් දෙන්නේ මහනුවර සිට මහියංගනය දක්වා ගමන් ගන්නා වාහන තැන්නෙකුඹුර හන්දියෙන් දකුණට හැරී රන්දෙණිගල මාර්ගය ඔස්සේ ගමන්කර රජ මාවත හන්දියෙන් වමට හැරී මහියංගනය දෙසට ගමන් කළ හැකි බවයි.

මහියංගනය දෙස සිට මහනුවර දක්වා ධාවනය වන වාහන රජමාවත හන්දියෙන් දකුණට හැරී රන්දෙණිගල මාර්ගය ඔස්සේ ගමන්කර තැන්නේකුඹුර හන්දියෙන් වමට හැරී මහනුවර දෙසට ගමන් කළ හැකි බවත් පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?