මහජන උපයෝගීතා කොමිසමට නව සාමාජිකයෙක්

මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයෙකු ලෙසට ඩග්ලස් නානායක්කාර මහතා පත්කර තිබෙනවා.

පසුගියදා එම කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකු වූ මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ ඉල්ලා අස්වුණේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය දක්වමින්.

එම ඉල්ලා අස්වීමෙන් සිදුවූ පුරප්පාඩුව සඳහායි ඩග්ලස් නානායක්කාර මහතා පත් කිරීමට පියවර ගෙන ඇත්තේ.

මෙම පත් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් ඩග්ලස් නානායක්කාර මහතාට දැනුම්දී තිබෙනවා.

නව පත් කිරීම පෙබරවාරි මස 2 වනදා සිට බලපැවැත්වෙන බවයි එම ලිපියේ දැක්වෙන්නේ.

Letter scaled