AFC Banner
Empty Ad
Empty Ad

මසට හැදූ ඌරා කතකගේ ජීවිතය බිළි අරන්

මස් පිණිස ඇති කළ ඌරෙකු පහරදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූ පුවතක් යාපනය, ඩෙල්ෆ් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (24) මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 80ක කාන්තාවක් බවයි ඩෙල්ෆ් පොලිසිය සඳහන් කළේ.

ඌරා පහරදීමෙන් අනතුරුව තුවාල ලැබූ එම කාන්තාව යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටිය දී ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙම කාන්තාව පෙරේදා (23) සවස නිවසේ ගෙමිදුලට වී සිටින අවස්ථාවේ අසල නිවසක මස් පිනිස ඇතිකළ ඌරෙකු පැමිණ පහරදීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඉන් අනතුරුව ඇයව වහාම ප්‍රතිකාර සඳහා යාපනය රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඩෙල්ෆ් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
3
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?