මව ඝාතනය කළ පුතා වසර 8කට පසු අත්අඩංගුවට

ගෙළ සිරකර තම මව ඝාතනය කළ යුද හමුදා සෙබළෙකු වසර 8කට පසුව කටුනායක ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැබිතිගොල්ලෑව අයිතිකේවැව ප්‍රදේශයේ පදිංචි කටුනායක හමුදා කඳවුරක සේවය කළ 32හැවිරිදි සෙබළෙක්.

2015 වසරේ ජුනි මස 05 දින රාත්‍රී මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මියගොස් තිබුණේ කැබිතිගොල්ලෑව අයිතිකේවැව පදිංචි 52 හැවිරිදි සිව් දරු මවක්.

අත්අඩංගුවට ගත් සැකකරු මියගිය කාන්තාවගේ තුන්වන දරුවා වන බව සඳහන්.

අනෙක් දරුවන් විවාහවී වෙන්ව ජීවත්ව ඇති අතර සැකකරු පමණක් මියගිය කාන්තාව සමග එකම නිවසේ ජීවත්ව ඇති බවයි පොලිසිය හෙළිකරගෙන තිබුණේ.

මියගිය කාන්තාවගේ සැමියා පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවය කරමින් සිට යුද සමයේ මියගොස් ඇති බවත් ඒ අනුව ඇයට ලැබුණු විශ්‍රාම වැටුප සැකකරු විසින් දීර්ඝ කාලයක සිට බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

පොලිසිය පවසන්නේ ඝාතනය සිදු වූ දිනයේ ද සැකකරු මුදල් ඉල්ලා මවට පහර දී ඇති බවයි.

පසුව මුදල් නොලැබීම හේතුවෙන් ගෙළ සිරකර ඝාතනය කර ඇති බවත් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඝාතනය සිදු කර දින කිහිපයක් නිවසෙන් පිටව ගොස් සිටි සැකකරු සිය මවගේ අවසන් කටයුතුවලටද සහභාගි වී ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධියෙන් පසුව සැකකරු වසර කිහිපයක් දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත්ව සිට 2019 වසරේ යුද හමුදාවට බැඳී ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ කටුනායක ප්‍රදේශයේ කඳවුරක සේවය කරමින් සිටි බවත් විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කළා.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට (27) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් කතාකරන්නේ මොන කටින් ද.. නාමල්ගේ උපදෙස් අපිට ඕනේ නෑ
02:17
Video thumbnail
දිලිත් සෙනෙහසෙන් ආණ්ඩුවෙන් ඉල්ලපු දේ.. ආණ්ඩුව ලොකුවට වරද්දගෙන ඉන්නේ
08:49
Video thumbnail
මට මේ රජය යන්න කිව්වේ නෑ..මම කිසිම දේශපාලනයක් කරන්නේ නෑ - උදව් ඉල්ලුවොත් මම දෙනවා
03:34
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?ගුරුවරයාගෙන් චෝදනාවක්..අනාගත පරම්පරාව කොහෙටද මේ යන්නේ ?
02:59
Video thumbnail
විශ්වාසභංගවලට අපි බය නෑ - අධිකරණ ඇමති හරියට වගකීම ඉටුකරනවා
08:42
Video thumbnail
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ධුරයෙන් සමුගත්ත මහින්ද සමරසිංහ -
05:49
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල කටාර් හිටපු නායකයාට ශෝකය පල කරන්න යයි - "කොහේ යුද්ධ තිබුණත් ලංකාවට බලපානවා"
05:05
Video thumbnail
අගමැතිනිගේ වීඩියෝවක් පෙන්නලා නිදහස් පක්ෂයේ කාන්තාවක් සැරටම දෙයි
23:58
Video thumbnail
සමුගෙන යන මොහොතේ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති මහින්ද සමරසිංහ කියපු රස කතා..
02:16
Video thumbnail
බලය තියෙන කාලේ වෙච්ච දෙයක් අවුරුදු ගාණකට පස්සේ හෙළිවෙයි..
02:02