AFC Banner
Empty Ad
Empty Ad

මවට පහරදුන් බේබදු පුතා පොලීසියටත් ගහන්න එයි.. පොලීසියෙන් වෙඩි තබයි

යාපනය කෝපායි පොලිස් වසමේ පවුල් ආරවුලක් විසඳීමට ගිය පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධයකින් පහරදීම උත්සහ ගත් පුද්ගලයෙකු පාලනය කිරීම සඳහා වෙඩිප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා.

ඊයේ (28) දිනයේ රාත්‍රීයේ සිදුවූ මෙම සිදුවීමෙන් පසුව අදාළ පුද්ගලයා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණා.

කෝපාලිය කොණ්ඩාවිල් ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු විසින් නිවැසියන්ට තියුණු ආයුධයකින් පහරදීමට උත්සහ ගන්නා බවට කෝපායි පොලීසියට ලැබුනු තොරතුරකට අනුව එම ස්ථානයට පොලිස් නිලධාරීන් පිරිසක් ගොස් තිබුණා.

පොලිස් නිලධාරීධාරීන් විසින් බීමතින් නොසන්සුන්කාරීව හැසිරුනු අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට උත්සහ දරන අවස්ථාවේදී එම පුද්ගලයා විසින් පොලිස් නිලධාරීන්ටද තියුණු ආයුධයෙන් පහරදීමට උත්සහ ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයා පාලනය කිරීම සඳහා පොලවට වෙඩිප්‍රහාරයක් එල්ල කොට වෙිඩිතබන බවට බියවද්දා අදාළ පුද්ගලයා පාලනය කොට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී සිදුකරන ලද පරික්ෂණවලදී අදාළ සැකකරුගේ මව විසින් හෙළිකර ඇත්තේ සිය පුතා විසින් බීමතින් තමාට ඇතුලු පවුලේ ඥාතීන්ට මෙලෙස තියුණු ආයුදයකින් පහර දීමට උත්සාහ කළ බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට පයවර ගෙන ඇති බවටත් පරික්ෂණ සිදුකරන කෝපායි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?