මවගේ ගෙදර ගිය බිරිඳගේ ගෙළ කපා ඝාතනය කරලා

තිනියාවල, මහවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ ගෙළ කපා කාන්තාවක් ඝාතනය කර ඇති බවට ලද තොරතුරකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හිනිඳුම, හිංගල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 33ක තැනැත්තියක් බවයි පොලිසිය පැවසුවේ.

ඝාතනයට ලක් වූ කාන්තාව සිය සැමියා සමඟ හිනිඳුම ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර, අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් පසුගිය 30 වනදා සැමියා විසින් බිරිඳට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

එම පහරදීමෙන් පසු අදාළ කාන්තාව හිනිඳුම රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත්ව ඇති අතර ප්‍රතිකාර ලබා ඇය පසුගිය 31 වනදා රෝහලෙන් පිටව ඇයගේ මවගේ නිවස වෙත ගොස් තිබෙනවා.

සිය බිරිඳ රෝහලෙන් පිටව මවගේ නිවසවෙත ගොස් ඇති බව දැනගත් සැමියා ඊයේ (02) රාත්‍රියේ එම නිවසට පැමිණි එහි සිටි නිවැසියන් බියගන්වා නිවසින් පලවා හැර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව සිය බිරිඳගේ ගෙළ තියුණු ආයුධයකින් කපා මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අපරාධය සිදුකළ පුද්ගලයා වයස අවුරුදු 36ක හිනිඳුම ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, තිනියාවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

  1. THIRISANNU KIYALA KIYANA EKA THIRISANNUNTA KARANA APAHASAYAK. UNTA THIYENA KETI MATHAKAYA SAHA UNTA MANASIN PAWARANA KARYA PAMANAK KARANA NISA UNTA DURA DIGA HITHANNA, KARUNU EKINEKA SAMBNDHA KARANNA BERI NISA EHEMA KIYUWATA UN ME WAGEYI DARUNU APARADHA KARANNE NAHE. MUN SAMANYA SAMAJAYEN WEN KARANA KUDU KARALA THIYANNA ONA DARUNU MANASIKA PISSO