AFC Banner
Empty Ad
Empty Ad

මවගේ අනියම් සැමියා අවුරුදු දහයේ දැරිය කෙලෙසලා

වයස අවුරුදු 10යි මාස 08ක දැරියකට බරපතල ලිංගික අපරාධයක් සිදුකළ බව කියන 53 හැවිරිදි විශ්‍රාමික යුද හමුදා සෙබළෙක් කොස්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අතවරයට පත්ව දැරියගේ මිත්තණිය විසින් පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දංකොටුව – හාල්දඩුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු අතවරයට පත්ව ඇති දැරියගේ මවගේ අනියම් සැමියා බවයි, පොලීසිය පවසන්නේ.

දැරිගේ මව සැකකරු සමඟ ජීවත් වී ඇති අතර, දැරිය ද සිට ඇත්තේ ද ඔවුන් සමඟයි.

මව මීගමුව ප්‍රදේශයේ ලොතරැයි අලෙවි කිරීම ජීවිකාව ලෙස කරගෙන ගොස් ඇති අතර, යුද හමුදා සේවයෙන් විශ්‍රාම ලබා සිටින සැකකරු කුලී වැඩ කරමින් ඔවුන් සමඟ රැදී සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මව නොමැති අතර තුර දැරිය නිවසේ තනිවම සිටින අවස්ථාවේ දී සැකකරු ඇයව බිය ගන්වා මෙම අපරාධය සිදුකර ඇති බව‍යි පොලිස් මූලික විමර්ශණවල දී අනාවරණය වී ඇත්තේ.

බොහෝ දිනවල දිවා කාලයේ දී දැරිය නිවසේ කෑ ගසන හඩ අවට පදිංචිකරුවන්ට ඇසී ඇති නමුත් ඇය තමන්ට සිදුවන අපරාධය කිසිවෙකු සමඟ පවසා නැහැ.

පසුව ඇය තමන් මුහුණ දෙන තත්ත්වය පිළිබඳව මිත්තණිය සමඟ පැවසීමෙන් අනතුරුව මිත්තණිය විසින් මේ බව පොලීසියට පැමිණිලි කිරීමටයි කටයුතු කර ඇත්තේ.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරු මාරවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
7
+1
1
+1
1
+1
18
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?