මවගේ අනියම් සැමියා අවුරුදු දහයේ දැරිය කෙලෙසලා

වයස අවුරුදු 10යි මාස 08ක දැරියකට බරපතල ලිංගික අපරාධයක් සිදුකළ බව කියන 53 හැවිරිදි විශ්‍රාමික යුද හමුදා සෙබළෙක් කොස්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අතවරයට පත්ව දැරියගේ මිත්තණිය විසින් පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දංකොටුව – හාල්දඩුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු අතවරයට පත්ව ඇති දැරියගේ මවගේ අනියම් සැමියා බවයි, පොලීසිය පවසන්නේ.

දැරිගේ මව සැකකරු සමඟ ජීවත් වී ඇති අතර, දැරිය ද සිට ඇත්තේ ද ඔවුන් සමඟයි.

මව මීගමුව ප්‍රදේශයේ ලොතරැයි අලෙවි කිරීම ජීවිකාව ලෙස කරගෙන ගොස් ඇති අතර, යුද හමුදා සේවයෙන් විශ්‍රාම ලබා සිටින සැකකරු කුලී වැඩ කරමින් ඔවුන් සමඟ රැදී සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මව නොමැති අතර තුර දැරිය නිවසේ තනිවම සිටින අවස්ථාවේ දී සැකකරු ඇයව බිය ගන්වා මෙම අපරාධය සිදුකර ඇති බව‍යි පොලිස් මූලික විමර්ශණවල දී අනාවරණය වී ඇත්තේ.

බොහෝ දිනවල දිවා කාලයේ දී දැරිය නිවසේ කෑ ගසන හඩ අවට පදිංචිකරුවන්ට ඇසී ඇති නමුත් ඇය තමන්ට සිදුවන අපරාධය කිසිවෙකු සමඟ පවසා නැහැ.

පසුව ඇය තමන් මුහුණ දෙන තත්ත්වය පිළිබඳව මිත්තණිය සමඟ පැවසීමෙන් අනතුරුව මිත්තණිය විසින් මේ බව පොලීසියට පැමිණිලි කිරීමටයි කටයුතු කර ඇත්තේ.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරු මාරවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26
Video thumbnail
ගමනාගමන කොමිසමේ හිටපු සභාපතිව උසාවියට රැගෙන ගිය හැටි මෙන්න
00:54
Video thumbnail
මෙරට පාසල් පද්ධතියට චීනයෙන් ඩිජිටල් පන්ති කාමර 500ක් - අගමැති සහ නව චීන තනාපති අතර හමුවක්
01:40
Video thumbnail
කාර්යාල දුම්රිය සියල්ල අද ධාවනය කළා - සවස් කාලයෙ‍ත් අපි හැකි අයුරින් ධාවනය කරනවා
06:15
Video thumbnail
22ට එරෙහිව හැමෝම එකතුවෙනවා
03:40
Video thumbnail
හයිවේ එකෙන් එළියට පැන්න මෝටර් රථය නැවතුණු තැන
00:35
Video thumbnail
පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ - මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා
09:40