spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මරදානේ සත්‍යග්‍රහයට එල්ල වූ ප්‍රහාර ගැන පරීක්ෂණයක්

මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසළ පැවති සත්‍යග්‍රහයට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මානව හිමිකම් කොමිසම පැවසුවේ, සිද්ධිය වාර්තා වූ දින මූලික පරීක්ෂණ පැවැත්වීම සඳහා කණ්ඩායමක් එම ස්ථානයට ගිය බවයි.

මේ සම්බන්ධයෙන් මූලික වාර්තාවක් හෙට (6) කොමිසම වෙත භාරදීමට නියමිතයි. එම වාර්තාවේ කරුණු මත විමර්ශන අඛණ්ඩව සිදු කරන බවයි කොමිසම පවසන්නේ.

75 වැනි ජාතික නිදහස් දින සැමරුමට විශාල මුදලක් වැය කිරීමට එරෙහිව සමාජ ක්‍රියාකාරීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් පසුගිය සිකුරාදා රාත්‍රී විරෝධතාවක් පැවැත්වූ අතර සත්‍යග්‍රහ ව්‍යාපාරයක ද නිරත වුණා.

තවත් පිරිසක් උද්ඝෝෂණ භූමියට පැමිණීමෙන් පසුවයි ගැටුම්කාරී තත්වයක් ඇති වුයේ.

අනතුරුව පිරිස විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.

නොසන්සුන්තාව අතරතුර අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනෙකු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?