මරදානේ සත්‍යග්‍රහයට එල්ල වූ ප්‍රහාර ගැන පරීක්ෂණයක්

මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසළ පැවති සත්‍යග්‍රහයට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මානව හිමිකම් කොමිසම පැවසුවේ, සිද්ධිය වාර්තා වූ දින මූලික පරීක්ෂණ පැවැත්වීම සඳහා කණ්ඩායමක් එම ස්ථානයට ගිය බවයි.

මේ සම්බන්ධයෙන් මූලික වාර්තාවක් හෙට (6) කොමිසම වෙත භාරදීමට නියමිතයි. එම වාර්තාවේ කරුණු මත විමර්ශන අඛණ්ඩව සිදු කරන බවයි කොමිසම පවසන්නේ.

75 වැනි ජාතික නිදහස් දින සැමරුමට විශාල මුදලක් වැය කිරීමට එරෙහිව සමාජ ක්‍රියාකාරීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් පසුගිය සිකුරාදා රාත්‍රී විරෝධතාවක් පැවැත්වූ අතර සත්‍යග්‍රහ ව්‍යාපාරයක ද නිරත වුණා.

තවත් පිරිසක් උද්ඝෝෂණ භූමියට පැමිණීමෙන් පසුවයි ගැටුම්කාරී තත්වයක් ඇති වුයේ.

අනතුරුව පිරිස විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.

නොසන්සුන්තාව අතරතුර අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනෙකු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48