මම මගේ රටේ සියලුම මහජනතාවගෙන් සමාව අයදිමි – තිස්ස ජනනායක තැබූ සටහන

ප්‍රවීන ජීව විද්‍යා ගුරුවරයෙකු වන තිස්ස ජනනායක ගුරු පියාණන් රටේ සමස්ත ජනතාවගෙන් සමාව අයමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළ පුද්ගලයෙකු වශයෙන් තමන් රටේ මහජනතාවගෙන් සමාව අයදින බවයි ඔහු සිය මුහුණු පොතේ සටහනක් තබමින් කියා සිටින්නේ.

මේ තිස්ස ජනනායක ගුරු පියාණන් විසින් තබා තිබු ෆේස්බුක් සටහනයි..

මේ අවස්ථාවේ මම මගේ රටේ සියලුම මහජනතාවගෙන් සමාව අයදිමි. මන්ද මා ද මේ අභාග්‍යසම්පන්න පාලනයට රැවටීමෙන් එයට සහය දුන් බැවිනි. මින් පසු කිසිම දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට පාක්ශික නොවී නිර්පාක්ශිකව, නිර්දේශපාලණිකව ජනතාව පැත්තේ සිට ගමි.

ඒ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීම සඳහා සහයෝගය දැක්වූයේ, එවකට ලංකාවේ පැවති වාතාවරණය යටතේ මා මෙන්ම බොහෝ දෙනා සාපේක්ෂව ඔහු එම තනතුරට ගැලපෙන බව විශ්වාස කල හෙයිනි. නමුත් එය එසේ නොවන බව අප සියලු දෙනාටම පසක්වී හමාරය.

බොහෝ තරුණ තරුණියන් බිත්ති පුරා චිත්‍ර ඇන්දේද එබැවිනි . නමුත් මගේ මව් බිමට මෙහෙම කෙලවේ යැයි මා මෙන්ම ඒ කිසිවෙකු සිතුවේ නැත.

මහ මැතිවරණයේ දී නාම යෝජනා ලබා දුන් දවසේම මා ෆේස්බුක් සටහනක් තැබුවේ පරන හොරුන් හටම නැවත නාම යෝජනා ලබාදීම පිලිබදව විරෝධය පල කරමිනි. දැන් තවත් නාටකයක් දැකිය හැක. එනම් කැබිනෙට්ටුව වෙනස් කිරීම ලෙස පරන අසාර්ථක චරිතම ලේබලය මාරු කරමින් පත්කරමින් සිටී.

මෙසේ ජනතාවට විහිලු සැපයීම දැන්වත් නතර කර ජනතාවගේ සැබෑ හඩට දේශපාලකයන් සවන්දිය යුතුමය.”පෝලිම් කොහෙද තියෙන්නෙ ?”, “අපිට හූ කිව්වොත් අපිත් නිකන් ඉන්නේ නැහැ” වැනි උද්දච්ච ප්‍රකාශ නිකුත්කරන මැති ඇමතිවරුන් ඉවත් කර දැමීම වෙනුවට ඔවුන්ගේ ලේබල් මාරු කිරීම තවත් මහජනතාව කුපිත වන හේතුවකි. මේ රටේ අනන්තවත් දුර දක්නා නුවණැති, අවංක, රටට ආදරය කරන, දක්ෂ , ජාත්‍යන්තර සම්බන්ධතා පිලිබඳ අත්දැකීම් ඇති දියුණු රටවල උපදේශකයන් පවා වී සිටි මහාර්ඝ මිනිසුන් සිටී. ඔවුන්ට අවස්තාව දී ඔවුන්ගෙන් වැඩ ගෙන මේ අර්බුදයට සැබෑ විසඳුමක් සකස් කරන තෙක් ජනතාව රැවටිය නොහැක.

අරගලයට ජය!

  • තිස්ස ජනනායක –

2022-04-04



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54