මම මගේ දුව දූ’ෂ’ණ’ය කලේ නැහැ. ඒ ලේබලය දැන්වත් ගලවන්න – සේයා සදෙව්මිගේ පියා

2015 සැප්තැම්බර් මාසයේ 11 වෙනි දින සිගිති දියණියක් වුන සේයා සදෙවිමි පැහැර ගෙන ගොස් දූෂණය කර මරා දැමූ කණගාටුදයක සිදුවීම ඔබටත් මතක ඇති. මෙහි විත්ති කරු වුනේ කොටදෙණියාව බඩල්ගම ඉන්ගම්මාරුවේ පදිංචි ඉලන්දාරිපෙඩිගේ සමන් ජයලත් නොහොත් කොණ්ඩයා වූ අතර ඔහු 38 හැවිරිදි විවාහක පුද්ගලයෙක් වුනා. නමුත් ඔහුටත් කලින්ම දියණිය මරා දැමීමේ සිද්ධියට සැකපිට අත් අඩංගුවට ගැණුනේ ඇයගේම පියා වූ නිශාන් බක්මීදෙණියයි. නීතිය විසින් නොව සමාජය විසින් මිනීමරුවා කල එම පියාණන් සමග සිදු කල කෙටි සාකච්ජාවකි මේ.

නිශාන්ගේත් සමන්තිගේත් කැදැල්ලේ දරුවන් තිදෙනෙක් ජීවත් වූ අතර ඔවුන්ගේ නිවස පිහිටා තිබුනේ බඩල්ගම අකරන්ගහ වැලිපාරේයි. දරුවන් තිදෙනාත් ඔවුන් දෙදෙනාත් හැරුණු විට නිවසේ ජීවත් වුනේ නිශාන්ගේ දෙමාපියන් වූ චන්ද්‍රාත් දයාරත්නත් පමණයි.නිශාන් වෘත්තියෙන් ගුරුවරයෙක් වූ අතර ඔහු රියදුරෙක් ලෙසද සේවය කලා.

” සේයා හරි දගකාර, හුරතල් දරුවෙක්. එයා අයියත් එක්ක රණ්ඩු උනාම කාමරේ ඇතුලට ගීහිං හැංගෙනවා. තනියම අනතුරක් කරගනී කියල තමයි මම කාමරේ ග්‍රිල් එකත් ගැලෙව්වේ.”

නිශාන් තමන්ගේ දියණිය ගැන කතා කරන්න පටන් ගත්තේ එහෙමයි.

“සිද්ධිය වුන දවසේ මම ගාමන්ට් එකේ හයර් දෙකක් ගියා. සිද්ධිය උන දව්සේ ගෙදර හිටියේ සමන්තියි ලමයි තුන් දෙනයි ටීවී බැලුවා. මම හතරදෙනාගෙම ඔලුව අත ගාගෙන සමන්තිට දොර ජනෙල් වහගන්න කියල තමයි පිටත් උනේ.”

වචන පැටලෙමින් වේදනාවෙන් ඔහු මුමුණන්නේ මෙහෙමයි.

“මම ගේ ලගටම ආවම ගාමන්ට් එකෙ මහත්තයා කිව්වා මිණුවන්ගොඩට ලමයෙක් ගෙනියන්න ඕන ඉක්ම්නෛන් එන්න කියල. ගෙදරට ගිහින් එන්නං කිව්වත් ඔහු කැමති උනේ නැහැ. ඉතින් මට යන්න උනා. අන්තිමේ මම ගේ පෙනි පෙනී ආයෙම හරවගෙන ගියා. මම ගෙදර යනකොට 12.45 උනා. සමන්තිට කතා කලොත් දරුවන් ඇහැරෙන නිසා මම මගේ යතුරෙන් දොර ඇරගෙන ගෙට ගියා. සේයාගේ කලිසමක් ඇද උඩ තිබ්බා. සමන්ති දරුවෝ දෙන්නෙක් එක්ක නිදි. මම හිතුවා දරුවා ආච්චි අම්මා ලග කියල. මම කතා කරන්න ගියෙ නැහැ. මම ඇගපත හොදගෙන නිදා ගත්තා.”

උදේ තමයි අපි දන්නේ දුව නැති බව.සමන්ති කිව්වා දුව ටීවී බැලුවා. බලද්දි නින්ද් ගිය නිසා ඇදෙන් තිබ්බා කියල. දරුවා හොයන්න තියෙන හැම තැනකම හොයල අපි පොලීසියට ගිහින් කිව්වා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසියට පන සුන් සේයාගේ සිරුර 2015.09.31 දින නිවසට මීටර් 200 ක් පමණ දුරින් ඇති වෙල් යායකින් සොයා ගැනීමට හැකි වුනා.ඇය හැද සිටි කමිසයෙන් ගෙල සිර කර තිබුණු අතර කිසිදු හෝඩුවාවක්ද හමු වුනේ නැහැ.

“ගමේ ම්නිස්සු මම් තමයි දුව මැරුවේ කියල චෝදනා කරන්න ගත්ත. මාව අත් අඩංගුවට ගත්තේ නැත්නම් පොල්සීයට ගල් ගහනවා කිව්වා. අන්තිමේ මාව සැකපිට අත් අඩංගුවට ගත්තා. “

කොණ්ඩයා හැරුණු විට සැකපිට අත් අඩංගුවට ගත් සමන් ජයලත් නම් තැනැත්තා පසුව මෙම අපරාධයට වග කිව යුතු බව අදාල අංශ තහවුරු කරගත්තා. නිවසෙන් සැගවී සිටි ඔහුගේ ඉලක්කය සමන්තී වූවත් ජනේලයෙන් නිවසට ගිය ඔහුට සේයා ගැන සිතක් පහල වී තිබුණා. දැරිය රැගෙන යන විට ” මාමේ ගෙදර එක්කන් යන්න” යනුවෙන් ඇඩූ බවත් අවසානේ ඇයව දූෂණය කර ඇද සිටි ඇදුමෙන් ගෙල සිර කර මරා දැමූ බවත් ඔහු පිලිඑන තිබුණා.

” ඇත්තටම හැම සැකකරුවෙක්ම අර්න ගියේ මුහුණ වහල.සමන් ජයලත්ව පවා.නමුත් මාධ්‍ය වලින් දිගින් දිගටම ලොකු නිව්ස් එකක් වගේ සේයාගේ තාත්තා එයාව දූශණය කල බව ප්‍රචාරය කලා. නමුත් ඒ ප්‍රචාරයම මම ඒක කලේ නෑ කියල දුන්නේ නැහැ. හරි අපරාධකාරයා වෙනුවට අපරාධකාරයා වුනේ මම.සමහර ගුරුවරු අදටත් මගෙන් අහනවා ” ඇයි තමන්ගෙම දුවව දූෂණය කලේ කියල?” මගේ ගුරු ජීවිතය නැති වෙලා. කුළී වැඩ පවා කරනවා. මම දුව නැති වේදනාවෙන් ඉන්නකොට මෙහෙම දේවල් අහනකොට මම මැරි මැරී උපදිනවා.ම්ම වගකිවයුතු ආයතන වලින් නිළධාරීන්ගෙන් ඉල්ලන්නේ ඔබතුමාලා අතින් උන වරද නිවරදි කරන්න කියල විතරයි. “

ඉතින් ලේබල් ඇලවූ අයම ඔහුගේ ලේබලය ගැලවිය යුතු නොවේද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23