“මම නයනවා බඳිනකොට ඔය කිසිම දෙයක් දන්නේ නැහැ, එදා රෑ තමයි හැමදේම දැනගත්තේ”

ආදරේ කියන්නේ ජීවිතයක් ලස්සන කරන්න වගේම විනාශ කරන්නත් පුළුවන් දෙයක්.
ඒ ආදරේ අවසානය විවාහය.

ඒ විවාහය ඇතුලේ ජීවත් වෙද්දි ලොකු වගකීමක් වගේම හැමදේ ගැනම හිතන්න ඕනේ.ඒ වගේම ඒ තීරණය ගන්නත් ඕනේ හොඳට හිතලා මතලා.

ඒත් ඒ විදිහට ගත්තු තීරණයක් වැරදිලා ජීවිතය අකාලයේ විනාශ වුණු තරුණයෙකු සිදුකළ සංවේදී හෙළිදරව්වකි මේ.

මිනිස්සුන්ගේ හිත් ලස්සන නැති වුණාම තමයි ජීවිතේ හැම ප්‍රශ්නයක්ම ඇති වෙන්නේ. මට ඕන වුණේ මගේ ජීවිතේ හවුල්කාරියත් ලස්සන හිතක් තියෙන කෙනෙක් වෙනවට.

එහෙම හිතක් තියෙන කෙනෙක් හමුවුණාද?
“මම අවුරුදු ගානක් ලස්සන හිතක් හෙව්වා. අපිට සල්ලි තියෙන නිසා මට දෑවැදි ඕන වුණේ නැහැ.

මම ලස්සන මිනිහෙක් නොවන නිසා මම රූප සුන්දරියෝ හෙව්වෙත් නැහැ. කැතක් නැතිව පාරේ එක්කගෙන යන්න පුළුවන් රූපයක් තියෙන ගෑනියෙක් විතරයි මං බැලුවේ”

ලස්සන හිතක් කියලා අදහස් කළේ මොනවගේ හිතක් ද?

“මගේ අම්මා හරිම කරුණාවන්ත කෙනෙක්. මගේ නංගීලා දෙන්නා, අක්කා ඒ හැමෝම හරිම හිත හොඳ අය, තාත්තත් එහෙමයි. බොහෝම පිනට දහමට ලැදියි. මම ලස්සන හිතක් කියලා කිව්වේ මගේ අම්මා නංගීලා, අක්කා වගේ හොඳ ගති ගුණ තියෙන කාරුණික කෙනෙකුට. සැර වැර නැති ගැහැනුකම රැකගෙන ඉන්න කෙනෙක්ව“

ඉතිං හමුවුණාද?
“අම්මලා මට හරියට මනමාලියෝ බැලුවා. නංගිලගේ යාළුවෝ මං ගැන උනන්දු වුණා. ඒත් සමහරු කලිසම් අඳිනවා කොටට අඳිනවා.

මං කැමති වුණේ නැහැ ඒ වගේ කෙනෙකුට.මට ඕන වුණේ චාම් ඇඳුම පැළඳුම හුරු වෙච්ච කෙනෙක්. ඒත් අවුරුදු තිස්පහ වෙනකම්ම මට කෙනෙක් හමුවුණේ නැහැ.

අන්තිමට අම්මා අක්කා මස්සිනා මට බනින්න ගත්තා. ඔච්චරටම ගැනුන්ව තෝරන්න එපා කියලා. අම්මා හැම වෙලේම කියවන කොට මං හිතා ගත්තා කාව හරි බඳිනවා කියලා.

ලස්සන හිතක් තියෙන කෙනෙක්වද බැන්දේ?
“ඒකට ඔව් කියන්න ද නෑ කියන්නද කියලා මට හිතා ගන්න බැහැ. අම්මයි අක්කයි එකතු වෙලා හොයපු මනමාලියෙක්ව බලන්න ගියා.

ඇත්තම කිව්වොත් කෙල්ල ලස්සනයි. වැඩි මෝස්තර එහෙම නෑ කියලා තමයි මුලදී හිතුණේ.
ගමනත් හරිම සන්සුන්. ඒත් මට මොකක්දෝ නුහුරු බවක් දැනුණා. බැනුම් අහන්න වෙන නිසා මං අක්කටයි අම්මටයි වැරැදි කියන්න ගියේ නැහැ. නයනා ගුරුවරියක්. එයාව බලන්න ගියාට පස්සෙත් මම දවස් දෙක තුනක්ම එයාගේ ගෙදර ගියා.”

“ඒ හැම වතාවකම නයනා කතා කළේ දුකෙන්, බයෙන් කියලා තමයි මට දැනුණේ. දවසක් මං එයාගෙන් ඒ ගැන ඇහුවා. ඒත් එයාට ඒකට උත්තර දෙන්න විදිහක් තිබුණේ නැහැ. නයනගේ අම්මා නයනා ගැන හැම දෙයක්ම දැනගෙන ඉඳලා තියෙන්නේ.”

ඒ කියන්නේ ?
“නයනා මා එක්ක විවාහ වෙන්න කලින් කොල්ලෙක් එක්ක පැනලා ගිහින් තියෙනවා.
මාස දෙකකට පස්සේ තමයි ගෙදර ඇවිත් තියෙන්නේ. එයාට දරුවෙක් ලැබෙන්නත් ඉඳලා දරුවා ඉපදුන හැටියෙම මැරිලා.

මේ හැමදේම වෙලා අවුරුදු කිහිපයකට පස්සෙ තමයි එයාට මංගල යෝජනා හොයලා තියෙන්නේ”

ඉතිං ඔයා නයනව බැන්දද?
“ඔව් මං නයනව බැන්දා. ලොකුවට මඟුල් කාලා බැන්දා”

එතකොට එයාගේ පරණ විස්තර අමතක කරලද එයාව බැන්දේ?
“නෑ. මං නයනවා බඳින කොට ඔය කිසිම දෙයක් දන්නේ නැහැ. මං හිතුවේ එයා මට විතරක් ආදරේ කරන කෙල්ලෙක් කියලා.

එදා විවාහ වෙලා හෝටලේට ගිය දවසේ එයා මගෙන් ඈතට වෙලා හිටියේ. මං හිතුවා එයාට බයක් දැනෙනවා ඇති කියලා ගෙදර එකම කෙල්ල නිසා. මං එයා මට කැමති වනතුරු හිටියා. අපි දෙන්නා විවාහ වුණ දවසේ ඉඳලා දෙතැනක නිදිය ගත්තේ”

එතකොට එයාගේ ගෙදර අය මේවා දන්නේ නැද්ද?
“අපි විවාහයෙන් පස්සේ වෙනම ගෙදරක පදිංචි වුණේ. මගේ ගෙදර අයවත් එයාගේ ගෙදර අයවත් මේ කිසිම දෙයක් දන්නේ නැහැ. නමුත් මං බැරිම තැන මගෙ අක්කට මේ විස්තරය කිව්වා. අක්කා නයනට කතා කළා. මං දන්නෑ අක්කා මොනවා කිව්වද කියලා.

ඒත් නයනා කියලා තියෙන්නේ එයාට බයක් දැනෙනවා කියලා. හැමදාම අක්කට මගේ දේවල් කියන්නත් බැහැනේ. මං ඉවසගෙන ඉන්න පුරුදු වුණා.”

ඔයාලා අතර ප්‍රශ්න ඇති වුණේ නැද්ද?
“මං නයනාව දැක්කේ හරි අහිංසක කෙනෙක් විදිහට. ඒ නිසා මං ඉවසුවා. ඒත් බාහිර ලෝකයට අපි බොහොම ආදරෙන් ඉන්න අය බව පෙන්නුවා.

මගේ හිතේ නයනා ගැන ආදරයක් තිබුණා. මං බිස්නස්වලට දුර ගියාම නයනා මට කිව්වේ එයාගේ අම්මා ගෙදර එනවා කියලා. ඇත්තටම මං සමහර දවස්වලට ගෙදර එනකොට එයාගේ අම්මා ගෙදර හිටියා.”

කොහොම හරි එක දිගට වහින්න පටන් ගත්තා. මං ඒ කාලේ කොහේවත් ගියේ නැහැ. මං හුඟක් දවස්වල වෑන් එකේ නුවරඑළියේ ගියා. ඒ හයර් වලට ටුවරිස්ලා අරගෙන ගියේ. වැහි දවස්වලට මං දුරගමන් යන්නේ නැහැ. එක් දවසක් නයනා ලෙඩ වුණා.”

ඒ කිව්වේ?
“දවස් දෙකක් තුනක් තිස්සේ ඉඳලා නයනා වමනේ දාන්න ගත්තා. මං කිව්වා දොස්තර කෙනෙක් ගාවට යමු කියලා.

ඒත් නයනා කැමති වුණේ නැහැ යන්න. මං ලොකු අක්කට කතා කරලා කිව්වා නයනා අසනීපයෙන් කියලා. අක්කා ගෙදර ආවා. මස්සිනාව අපේ ගෙදර නතර කරලා අක්කයි මමයි නයනව ඩොක්ටර් ළඟට අරගෙන ගියා. ඩොක්ටර් අපිව හොඳට දන්නවා.

එයා මුත්‍රා සාම්පලයක් බැලුවා. බලලා අපි ඉස්සරහට රිපෝට් එක අරගෙන ආවේ සතුටින්.
ඩොක්ටර් කිව්වා මං තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා. අක්කයි මමයි විතරයි එතැන හිටියේ. නයනා හිටියේ වෑන් එක ඇතුලේ. අක්කයි මමයි මුහුණට මුහුණ බලාගත්තා. ”

“අපි ඩොක්ටර් ළගින් ආවේකිසිවක්ම කතා නොකර. අක්කා මගේ කන මිරිකුවා.
උඹ මටත් හැංගුවා නේද කියලා. මට කිසිම දෙයක් අදහාගන්න බැහැ. මං අක්කට ඇත්තම කිව්වා. අක්කා ලැස්ති වුණේ නයනා එක්ක රණ්ඩු වෙන්න.

මං එයාව බොහොම අමාරුවෙන් නතර කරගත්තා. අක්කට මං කිව්වා කිසිම දෙයක් නයනට කියන්න එපා කියලා. අක්කා නිහඬව හිටියා. අපි නයනගෙන් මුකුත්ම ඇහුවේ නැහැ. කියන්න ගියෙත් නැහැ. ඒත් නයනා හිටියේ හොඳවෙලා”

මොකද වුණේ ඊට පස්සේ
“මං නයනව ගෙදර තියලා මගේ හොඳම යාළුවෙක් ගෙදරට ගියා. මං එයාට හැමදේම කිව්වා.”
“උඹ විමසිල්ලෙන් හිටපං. මෙතැන මොකක් හරි හොරයක් ඇති. යාළුවා මට කිව්වා. මං පහුවදා දවස් දෙක තුනකට දුර යනවා කියලා ගෙදරින් ගියා. මං නයනාට කිව්වා අම්මාව ගෙන්න ගන්න කියලා.”

ඊට පස්සේ ?
“මං එදාම මහගෙදර වාහනේ දාලා අපේ ගෙදර ආවා. ඒ ආවේ රෑ වෙලා. මං තනියෙන් හිටියා.
ඒත් කවුරුවත් ආවේ නැහැ. මං රෑ අක්කගෙ ගෙදර ගියා. අක්කට මං විස්තරේ කිව්වා.
ඊට පහුවදාත් මම ගෙදර ගියා. ගෙදර දොරවල් ඔක්කෝම වහලා තිබුණේ.

මං ගෙයි ඉස්සරහ කාමරේ ඇතුළට වෙලා හිටියා. ඒ කාමරේ තියෙන්නේ පිටින්.

නයනා ළඟ එකේ යතුරු නැහැ. කොහොම හරි එදා හුඟාක් හවස් වෙලා තමයි නයනා ගෙදර ආවේ.
ඒ අතර එයා ගෙදර එන්න කලින් මගෙන් ටැලිෆෝන් කරලා ඇහුවා කොහෙද ඉන්නේ කියලා. මං කිව්වා නුවරඑළියේ කියලා. ඊටපස්සේ තමයි නයනා ගෙදර ආවේ.

තනියම නෙමෙයි එයා ආවේ කාගෙදෝ කාර් එකක. මං හැමදේම හොරෙන් බලාගෙන.

ආව කොල්ලව ගෙට අරගෙන නයනා දොර වහගත්තා. පැයක් විතර ගියා. ඒ කොල්ලා ගියේ නැහැ.
මං කාමරෙන් ගේ ඇතුලට යන්න පුළුවන් දොර ඇරගෙන ගේ ඇතුළට ගියා.

උන්ට පැනලා යන්න බැරිවුණා. හිතේ තරහට මං මන්නේ අතට ගත්තේ.
නයනා කළුවරේම කාමරෙන් එළියට පැන්නා. ඒත් ආර කොල්ලට පැනගන්න බැරි වුණා. අපි දෙන්නම පොර බැදුවා. අන්තිමට මගේ අතින් ඒ කොල්ලා මැරුණා.”

එතකොට නයනා?
“නයනා එයාලගේ මහ ගෙදර. මං හිරගෙදර.”

දැන් මොනද හිතෙන්නේ?
“මොනවා හිතෙන්නද මේක තමයි කරුමේ. සුන්දර හිත් හොය හොය ගිහිල්ලා අන්තිමට මට වුණ දේම ගැන මං අතපසු තැවිලි වෙනවා.
මං දැන් ජීවිතේ විඳිවනවා. මගේ පවුලේ අය විතරක් මං ගැන දුක් වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32