මනුස්සකම කියාදුන් පුංචි දෝණි

රජයෙන් ලබාදුන් පොත් අතර තිබූ අන්සතු රුපියල් 20,000ක් යළි ලබාදුන් කුඩා දැරියක් පිළිබඳව පුවතක් ඊයේ (09) අපට අසන්නට ලැබුණා. මෙම පුවත පිලිබද මේවනවිට බලධාරීන්ගේ අවදානය ද යොමුව තිබෙනවා.

ඉබ්බාගම ප්‍රදේශයේ ජිවත්වන මෙම දැරියගේ නිවසට අද (10) පෙරවරුවේ ස්වර්ණවාහිනී නිෂ්පාදක කණ්ඩායම ගොඩවැදුණේ ඇගේ සහ පවුලේ අනාගතය වෙනුවෙන් දායකත්ව රැසක් ද රැගෙනයි.මෙම පුවත දුටු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ද කරුණු විමසීමක් කර තිබුණා.ඒ අනුව ඇගේ නිවස ඉදිකර දීමට අවශ්‍ය කටයුතු සොයා බැලීම සඳහා  ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා   ද එම අවස්ථාවට ස්වර්ණවාහිණි නිෂ්පාදක කණ්ඩායම සමගින් එක්ව සිටියා.

දෑස් නොපෙනෙන එම දැරියගේ පියා ගීත ගයමින් සිය දරුවන් ජීවත් කිරීමට වෙර දරන්නකු වන අතර මව කුලීවැඩ කරමින් දරුවන් පාසල් යැවීමට වෙර දරනු ලබනවා.

පවුලේ කොතරම් අගහිඟකම් තිබුණත් අන්සතු දේ සඳහා ලොල් නොකළ ඒ ආදර්ශමත් දියණිය පිළිබඳව ගොසිප් ලංකා නිව්ස් අපද රටම දැනුවත් කරන්නේ සමස්ත සමාජයටම ආදර්ශයක් දීම සඳහායි.මේ පිලිබඳ තොරතුරු හෙලිකල ස්වර්ණවාහිණි මාධ්‍යයට අපගේ ස්තුතිය…..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23