රජයෙන් ලබාදුන් පොත් අතර තිබූ අන්සතු රුපියල් 20,000ක් යළි ලබාදුන් කුඩා දැරියක් පිළිබඳව පුවතක් ඊයේ (09) අපට අසන්නට ලැබුණා. මෙම පුවත පිලිබද මේවනවිට බලධාරීන්ගේ අවදානය ද යොමුව තිබෙනවා.
ඉබ්බාගම ප්‍රදේශයේ ජිවත්වන මෙම දැරියගේ නිවසට අද (10) පෙරවරුවේ ස්වර්ණවාහිනී නිෂ්පාදක කණ්ඩායම ගොඩවැදුණේ ඇගේ සහ පවුලේ අනාගතය වෙනුවෙන් දායකත්ව රැසක් ද රැගෙනයි.මෙම පුවත දුටු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ද කරුණු විමසීමක් කර තිබුණා.ඒ අනුව ඇගේ නිවස ඉදිකර දීමට අවශ්‍ය කටයුතු සොයා බැලීම සඳහා ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා ද එම අවස්ථාවට ස්වර්ණවාහිණි නිෂ්පාදක කණ්ඩායම සමගින් එක්ව සිටියා.
දෑස් නොපෙනෙන එම දැරියගේ පියා ගීත ගයමින් සිය දරුවන් ජීවත් කිරීමට වෙර දරන්නකු වන අතර මව කුලීවැඩ කරමින් දරුවන් පාසල් යැවීමට වෙර දරනු ලබනවා.
පවුලේ කොතරම් අගහිඟකම් තිබුණත් අන්සතු දේ සඳහා ලොල් නොකළ ඒ ආදර්ශමත් දියණිය පිළිබඳව ගොසිප් ලංකා නිව්ස් අපද රටම දැනුවත් කරන්නේ සමස්ත සමාජයටම ආදර්ශයක් දීම සඳහායි.මේ පිලිබඳ තොරතුරු හෙලිකල ස්වර්ණවාහිණි මාධ්‍යයට අපගේ ස්තුතිය…..