spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

කුරුණෑගල නගරයේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක හිමිකරුවෙකුට මොට ආයුධයකින් පහරදී ඝාතනය මියගිය පුද්ගලයා සතුව සතුව තිබූ රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑමේ අපරාධයක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පුත්තලම පාර , කුරුණෑගල පිහිටි ගරාජයක සේවය කරමින් සිටි පුද්ගලයෙක් . අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 40 ක් වන පොතුහැර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

ඝාතනය සිදුකිරිම සඳහා යොදාගත් බවට සැකකරන යතුරු පැදියක හැඩලය හා ඉදිරිපස රෝදය සම්බන්ධ කිරීමට යොදා ගන්නා යකඩ බටයක් මරණකරුගේ වැඩපලෙහි තිබී සොයාගෙන ඇති අතර කොල්ලකන ලද රන් මාලය සැකකරු සේවය කරන ගරාජයේ නාන කාමරයක සඟවා තිබියදි සොයාගෙන ඇත .

සැකකරු අද(02) දින කුරුණෑගල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධව කුරුණෑගල පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?