මනුෂ්‍ය ඝාතනයකට අනුබල දුන් දෙදෙනෙක් පොලිස් දැලේ

පසුගිය අගෝස්තු මස 05 වනදා වැලිවේරිය පොලිස් වසමේ දී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පහ පොලිසිය විසින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ති අතර, ඔවුන් සන්තකයේ තිබී ගිනිඅවියක් සහ ජීව උණ්ඩ දෙකක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා අවුරුදු 32 සහ 42ක බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන බව සඳහන්.

අත්අඩංගුවට පත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වැලිවේරිය පොලිසිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?