AFC Banner
Empty Ad
Empty Ad

මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි සමස්ත කාන්තා ප්‍රජාවම අපකීර්තියට ලක් කළා

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් කාන්තාවන්ට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් කර ඇති බව කැෆේ සංවිධානය පවසයි. එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවි පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳට අපහාස වන ආකාරයේ අසභ්‍ය ප්‍රකාශනයක් සිදුකිරීම ශිෂ්ට සමාජයක් විසින් අනුමත නොකරන බවයි.

රටේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව තුළදී පවා කාන්තාව මෙලෙස හෑල්ලුවට ලක් කරන්නේ නම් තිස්ස කුට්ටිආරච්චි වැනි මන්ත්‍රී වරුන් ජනතාවට නායකත්වය ලබාදෙන ආකාරය පිළිබඳ සිතාගත හැකි බව ආරියවංශ මහත්මිය අවධාරණය කරයි. කුමන තරාතිරමක සිටිය ද මුවින් පිටවන්නේ පුද්ගලයෙකුගේ බුද්ධියේ සහ අධ්‍යාපනයේ ප්‍රමාණය බව තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා විසින් තවදුරටත් පාර්ලිමේන්තුව හමුවේ තහවුරු කර ඇති බවද කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂිකාව පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවේ උත්තරීතර බව නොදත් මෙවැනි මන්ත්‍රීවරුන්ගේ හැසිරීම් නිසා ජාත්‍යන්තරය හමුවේ රට අපකීර්තියට පත්වන බවත් ජන නායකයින් කෙරෙහි මෙරට සමස්ත කාන්තා පරපුරේ විශ්වාසය ගිලිහී යන බවත් ආරියවංශ මහත්මිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

වර්තමානයේ දේශපාලනයේ නිරත කාන්තාව මුහුණ දී සිටින ප්‍රධාන අර්බුදය මෙවැනි “ඊනියා චණ්ඩි පිරිමින්ගේ ” හැසිරීම් බව පෙන්වා දෙන ආරියවංශ මහත්මිය සඳහන් කරන්නේ මෙවැනි තර්ජනයන්ට මුහුණ දීම සඳහා බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාව ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් කැ‌ෆේ සංවිධානය විසින් මේ වනවිටත් දියත් කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිටත් කැබිනට් මණ්ඩලයටත් සෙත්පතා - ගම්මු ටිකක් කරපු සුපිරි වැඩේ #npp #anurakumaradissanayaka
04:13
Video thumbnail
🛑Breaking News - 09වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය
10:36
Video thumbnail
9 වන විධායක ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව
12:07
Video thumbnail
🛑Breaking News - සීලරතන හිමිගෙන් විශේෂ ප්‍රකාෂයක් /මෙන්න සම්පූර්ණ කතාව #breakingnews
03:55
Video thumbnail
අපිලගේ සාදු හිටි හැටියේ සැර වෙයි / බිත්තර මාෆියාවේ එව්වෝ - වාහාම අත්අඩංගුවට ගන්න
05:36
Video thumbnail
"අපි අනුර ජනාධිපතිට සුබ පතනවා" - රටේ ජනතාවට තිබුණු පීඩනය මේ ජනාධිපතිවරණයෙන් ඔප්පු වුණා
03:35
Video thumbnail
අපි නැවත ජනතාව ඉදිරියට යන්න ලෑස්තී - වැලේ වැල් නැතවුණ පොහොට්ටුවේ මීළග සැලසුම #slpp
01:52
Video thumbnail
බුද්ධියෙන් ගහපු කතිරේ ප්‍රතිඵලය - මේවට තමයි අපි මෙච්චර කල් බදු මුදල් ගෙව්වේ #npp #akd
01:09
Video thumbnail
🛑Breaking News
14:46
Video thumbnail
පත්වීම් ගැන නම් සෑහෙන ප්‍රශ්න තියනවා
02:32

?