AFC Banner
AFC Banner
Empty Ad

මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ගැන මැතිවරණ කොමිසමට දැනුම්දීමක්

සනත් නිශාන්ත මහතාගේ අභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දී තිබෙනවා.

පුත්තලම මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ මිය යාම හේතුකොට ගෙන 2024 ජනවාරි 25 වැනි දින සිට නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් වෙනුවෙන්, නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ මහලේකම් වෙනුවට මෙම දැනුම් දීම සිදුකරන බවද එම ලිපිය මගින් නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?