මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොල්ලුපිටිය රැජින පාර පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.

පසුගිය දෙවනදා යාපනය වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන්ට බැණවැදී ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම කිලිනොච්චියෙන් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදු කර තිබෙනවා.

කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් මන්ත්‍රීවරයාට විදේශගත වීමේ තහනම් නියෝගයක් ද ඊයේ නිකුත් කරනු ලැබුවා.

https://youtu.be/xG1M5ogTCUQ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
2
+1
45
+1
3
+1
1
+1
1
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?