මන්ත්‍රී අර්චුනාට කාන්තාවකගෙන් ගල් ප්‍රහාරයක් – පහරදුන් කාන්තාව රිමාන්ඩ්

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාට ගින් පහරදුන් කාන්තාවක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඉඩමක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සහ සැකකාර කාන්තාව අතර පෙරේදා (25) දිනයේ මෙම ආරවුල හටගෙන ඇති අතර, එම අවස්ථාවේ කාන්තාව විසින් මන්ත්‍රීවරයාට ගලකින් පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සිදුකළ පැමිණිල්ලකට අනුව ඉලවාලි පොලිසියට විසින් කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු කාන්තාව ඊයේ (26) මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

පහර කෑමට ලක් වූ රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා යොමුව ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ඉඩමක් සම්බන්ධයෙන් කාන්තාවක් සහ මන්ත්‍රීවරයා අතර බහින් බස්වීමක් සිදුවන අයුරු දැක්වෙන වීඩියෝවක් ඊයේ දිනයේ සමාජ මාධ්‍යයේ සංසරණය වුණා.

එම අවස්ථාවේ මන්ත්‍රීවරයාගේ අතේ ගිනි අවියක් ද ඇති ආකාරය අදාළ වීඩියෝවේ දක්නට ලැබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32