මන්ත්‍රීවරියන්ගේ නවසීලන්ත චාරිකාව ගැන පැහැදිළි කිරීමක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නවසීලන්ත අධ්‍යයන චාරිකාවක සඳහා රජයේ මුදල් කිසිවක් භාවිතා නොකළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා.

මෙම අධ්‍යයන චාරිකාව වසර දෙකහමාරක පමණ කාලයක සිට රජයේ මුදල් භාවිත කිරීමකින් තොරව සංවර්ධන සහකරුවන්ගේ සහයෝගයෙන් සංවිධානය කරන ලද්දක් බවයි මහ ලේකම්වරිය පෙන්වා දෙන්නේ.

විශේෂයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය මෙරට කාන්තාවන්ගේ සමාජ ආර්ථික සහ දේශපාලන අර්බුදයන් සඳහා පිළියම් යෙදීම පිණිස විශාල වැඩ කොටසක් ඉටු කරන බවත්, එම කාර්යයන් වඩා කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් දියුණු රටවල අත්දැකීම් ලබා ගැනීම ඉවහල් වනු ඇති බව රෝහණදීර මහත්මිය සඳහන් කරනවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් විවිධ පක්ෂ නියෝජනය කළ ද සංසදයේ පොදු අරමුණු වෙනුවෙන් පෙනී සිටිමින් එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නායකත්වය යටතේ සංසදයේ පොදු අරමුණු ඉටු කිරීම සඳහා කටයුතු කරන බවද මහ ලේකම්තුමිය පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03