spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මධුසමය රාත්‍රියේ මනාල යුවළක් අභිරහස් ලෙස මිය ගිහින්

අලුත විවාහ වූ යුවළක් ඔවුන්ගේ මධුසමය දින රාත්‍රියේ නිදන කාමරය තුළ අභිරහස් ලෙස මියගොස් සිටිය දී සොයාගත් පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

24 හැවිරිදි ප්‍රතාප් යාදව් සහ ඔහුගේ බිරිඳ වන 22 හැවිරිදි පුෂ්පා යාදව් යන යුවළ මෙලෙස මියගොස් ඇති අතර, ඔවුන්ගේ පස්චාත් මරණ පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ ඔවුන් හෘදයාබාධයකට ගොදුරු වී ඇති බවයි.

පසුගිය අඟහරුවාදා (30) විවාහ දිවියට පිවිසි මෙම යුවළ ඔවුන්ගේ පළමු රාත්‍රියේම මෙලෙස හෘදයාබාධයකට ගොදුරුව මිය යාම සැක සහිත බවයි විමර්ශන සිදුකරන පොලිසිය සඳහන් කළේ.

මෙම යුවළගේ මරණ පිටුපස ඇති අභිරහස හෙළිදරව් කරගැනීම සඳහා සිරුරු දෙකේම අභ්‍යන්තර අවයව ලක්නව්හි රාජ්‍ය අධිකරණ වෛද්‍ය විද්‍යාගාරය වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
11
+1
3
+1
4
+1
39
+1
6
+1
14
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?