මධ්‍යම අධිවේගයේ රඹුක්කන – ගලගෙදර කොටසේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹේ

මධ්‍යම අධිවේගි මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (29) ආරම්භ කරනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වැනි කොටසේ දෙවැනි අදියර යටතේ එම ඉදිකිරීම් සිදුකෙරෙනු ඇති.

මෙහි දුර ප්‍රමාණය කිලෝ මීටර් 18.7ක්.

මධ්‍යම අධිවේගයේ තුන්වැනි කොටසේ පළමු අදියරේ පොතුහැර සිට රඹුක්කන දක්වා මාර්ග කොටසේ ඉදිකිරීම් ලබන වසරේ මැද භාගය වන විට අවසන් කිරිමට නියමිත බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ.