මදුරු තවාන් දැමූ 4,672 කට වසරේ මුල් මාස හයේ

මෙම වසරේ ජනවාරි මස සිට ජුනි මස දක්වා මාස කාලය තුළ තම වාසස්ථාන අවට පරිසරයේ මදුරුවන් බෝ වීමට හිතකර තත්ත්වයන් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් අධිකරණයන්හි නඩු 4,672ක් පැවරීමට කටයුතු කර ඇති බව පොලිසිය පවසනවා.

මේ අතර දිවයින පුරා පොලිස් කොට්ඨාස 48 ක් ආවරණය වන පරිදි පිහිටුවා ඇති මහජන ආරක්ෂක කමිටු හරහා ඩෙංගු මර්දන පවිත්‍රතා ශ්‍රමදාන, දැනුවත් කිරීමේ වැඩසටහන් හා නීතිය බලාත්මක කිරීම යන ක්‍රියාමර්ග සම්බන්ධයන් මහජනතාව දැනුවත් කිරීමට හා මෙම රෝගය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා කැපවීමෙන් ක්‍රියා කරන ලෙස සියළුම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් වෙත පොලිස්පතිතුමා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

මෙහිදී, යම් පරිශ්‍රයක මදුරුවන් බෝවන ස්ථාන පැවතීම හෝ බෝ වීමට ඉඩකඩ ඇති පරිදි පරිශ්‍රය අපිරිසිදුව තබා ගන්නා තැනැත්තන්ට එරෙහිව දැඩි ලෙස නෛතික ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බවත්, මෙම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී එම තැනැත්තන්ට දණ්ඩ නීති සංග්‍රහයේ 262 වන වගන්තිය ප්‍රකාරව ගරු අධිකරණයේ නඩු පැවරීම සිදු කරන බවත් පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.

තවද, 2007 අංක 11 දරන මදුරුවන් බෝවීම වැළැක්වීමේ පනත ප්‍රකාරව, යම් පරිශ්‍රයක මදුරුවන් බෝවන ස්ථාන පැවතීම හෝ බෝ වීමට ඉඩ කඩ ඇති පරිදි එම පරිශ්‍රය අපිරිසිදුව තබා ගැනීම සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කිරීමටත් සෞඛ්‍ය අංශ වෙත නීතිමය බලය ලැබෙන අතර, රතු නිවේදනය පැහැර හරිමින් යම් තැනැත්තෙකු එම රතු නිවේදනයෙහි සඳහන් උපදෙස් නියමිත කාලය තුල ඉටු නොකිරීම එම පනතේ 06 වන වගන්තිය අනුව රුපියල් 2,5000ක උපරිම දඩයකින් දඬුවම් ලැබිය හැකි වරදයන් බවයි පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05