AFC Banner
AFC Banner
Empty Ad

මත භේදයකට ලක්ව ඇති චීන නැව අද හම්බන්තොට වරායට

මේ වනවිට දැඩි මත භේදයකට ලක්ව ඇති චීනයේ යුවාන් වෑන්ග්-05 සමුද්‍රීය පරීක්ෂණ නෞකාව අද (16) දිනයේ දී හම්බන්තොට වරායට පැමිණීමට නියමිතයි.

මෙම නෞකාව ලබන 19 වනදා දක්වා එම වරායේ රැඳී සිටීමට නියමිත බවයි වාර්තා වුණේ.

අවශ්‍ය ආහාර, ඉන්ධන ඇතුළු පහසුකම් ලබාගැනීම සඳහා පසුගිය 10 වනදා මෙම නෞකාව දිවයිනට ලඟා වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය චීනයෙන් කළ ඉල්ලීමකට අනුව එම දිනය කල් දමනු ලැබුවා.

මෙම නෞකාවේ පර්යේෂණ තුළින් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට ප්‍රකශ කරමින් නෞකාව මෙරටට් පැමිණීම සම්බන්ධව ඉන්දියාව දැඩි ලෙස විරෝධය පළකළා.

කෙසේ වෙතත් මෙරට විදේශ අමාත්‍යාංශය පෙරේදා අදාළ නෞකාවට හම්බන්තොට වරායට ඇතුළු වීමට අවසර ලබාදීම සිදු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?