spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මත් සාදය අතර තුර වැලිගම දී මනුෂ්‍ය ඝාතනයක්

වැලිගම, හල්ලල ප්‍රදේශයේ මත්පැන් පානය කරමින් සිටි පිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට පහර දී ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ තියුණු ආයුධයකින් පහරදීමේ පසු බරපතළ තත්තත්වයේ පසු වූ එම පුද්ගලයා වලාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 48 හැවිරිදි වියේ පසුවන අරලිය මාවත, හල්ලල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වැලිගම පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

සැකකරු 21 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර ඔහුද එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?