මත්පැන් නිෂ්පාදන බදු සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක්

අද (28) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම සඳහා අදාළ රීතී සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනුයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

සෑම බලපත්‍රලාභියෙකුම සුරාබදු ආඥා පනතේ 22 වන වගන්තිය යටතේ නියමිත දිනට හෝ එම දිනට පෙර බදු ගෙවිය යුතු බවයි අදාළ ගැසට් පත්‍රය මඟින් දන්වා ඇත්තේ.

නියමිත දින සිට දින 30ක් තුළ ගෙවිය යුතු බද්ද හෝ ගාස්තුව සම්පූර්ණයෙන් ගෙවීමට අපහොසත් වන බලපත්‍රලාභීයෙකුගේ බෝතල් කිරීමේ බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බව නව ගැසට්ටුවේ සඳහන්.

මීට අමතරව නියමිත දිනයේ සිට දින 90ක් ඉක්මවන කාලයක් සඳහා ගෙවිය යුතු බද්ද හා ගාස්තුව සම්පූර්ණයෙන් නොගෙවා ඇති අවස්ථාව අදාළ බලපත්‍රලාභියාගේ සියලු බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කරනු ඇති බව මෙම නව පත්‍රය මඟින් දන්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?