මත්,ද්‍රව්‍ය සමග තරුණියක් අත්අඩංගුවට

හංවැල්ල පොලීසිය සිදුකළ වැටලීමකදී 22 හැවිරිදි තරුණියක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය නැවතී සිටි නිවසක තිබී හෙරොයින් ග්‍රෑම් 55ක් අයිස් ග්‍රෑම් 35ක් සහ ගංජා ග්‍රෑම් 5ක් සොයාගෙන තිබුණි.

පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ එම තරුණිය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නියක ලෙස කටයුතු කර ඇති බවය. 

දැනට විදේශගතව සිටින ලලියා නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ අතරමැදියෙකු ලෙස ඇය කටයුතුකර ඇති බවද අනාවරණය වී තිබේ. 

ඒ අනුව ඊයේ (02) දිනයේදී දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් ගණනාවක් සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 

එවැනි වැටලීම් තවදුරටත් ක්‍රියාත්මක බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?