මත්ද්‍රව්‍ය සමඟ ගණකාධිකාරීවරයෙක් අත්අඩංගුවට

දීර්ඝ කාලයක්පුරා මත්ද්‍රව්‍ය බෙදාහැරීම සහ භාවිත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකාර ගණකාධිකාරීවරයා අප්‍රේල් 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (23) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඔහු 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

ගණකාධිකාරීවරයෙකු වන සැකකරු පෙරිය නීලාවනි පොලිසිය විසින් පෙරේදා (22) රාත්‍රියේ මරදමුනේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුගියදා මරදමුනේ ප්‍රදේශයේදී අයිස් සහ ගංජා සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ ප්‍රකාශයක් මත පෙරිය නීලාවනි පොලිසිය ගණකාධිකාරීවරයා අත්අඩංගුවට ගැනීමට කඩිනම් පරීක්ෂණ කටයුතු කර තිබුණා.

එහිදී ගණකාධිකාරීවරයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 840 ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 540 ක් සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
3
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?