AFC Banner
AFC Banner
Empty Ad

මත්ද්‍රව්‍ය වැටලීමක දී හමුවූ ඉහළම මුදල පොලිස් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණු ඉහළම මුදල ඊයේ (16 ) දිනයේ අත්අඩංගුවට ගත් බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

ඒ, අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් රුපියල් ලක්ෂ 2,833ක මුදලක් අත්අඩංගුවට ගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් කුරුණෑගල අධිකරණයට අද (17) දින වාර්තා කළ බවයි වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

මෙම මුදල් තොගය බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන ජාවාරම්කරුවෙකුගේ බවයි පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර පොලීසිය සඳහන් කළේ මෙහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18ක්, කැබ් රථයක් සහ වෑන් රථයක් ද සිය භාරයට ගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
2
+1
11
+1
2
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?