මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි 25ක් අත්අඩංගුවට

විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාදය වන්දනා කිරිමට පැමිණි තරුණයන් 25 දෙනකු හැටන් පොලිස් බල ප්‍රදේශය තුලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ සහ පෙරේදා දිනවල මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් හැටන් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මෙන්ම කොට්ඨාශයේ අනෙක් පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ සහ නිල සුනඛයෙකුගේ ද සහාය මත වැටලීම් සිදුකර තිබෙනවා.

මෙහිදී ගංජා ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය රැගෙන වන්දනාවේ පැමිණි තරුණයන් 25 දෙනකු අත් අඩංගුවට ගැනුණු අතර ඔවුන් ගාල්ල, හලාවත, මොණරාගල, වැනි විවිධ ප්‍රදේශවල සිට වන්දනාවේ පැමිණි වයස අවුරුදු 20ත් 30ත් අතර පිරිස් බව සඳහන්.

සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15