මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ගෙන් සැකකාරියකට ලැබුණු දේපල තොගයක් පොලිස් භාරයට

ගල්කිස්ස පොලිස් ස්ථානය මඟින් අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රත්මලාන ප්‍රදේශයේ පදිංචි සැකකාරියක් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කර යන අතර එම සැකකාරියගෙන් අනාවරණය වූ තොරතුරු මත ඊයේ (11) දින සවස විමර්ශන නිලධාරීන් විසින් ගල්කිස්ස පොලිස් වසමේ පිරිවෙන පාර ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක් කර ඇති තිබෙනවා.

ඒ අනුව එම නිවසේ තිබී පහත දේපල තොගයක්, සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් මෙම සැකකාරියට ලැබී ඇති බවට අනාවරණය වූ බව පොලිසිය පවසනවා.

එම හේතුවෙන් එම නිවෙසේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 260 ක්, මුදල් රුපියල් ලක්ෂ 08 ක්, ෂොට්සන් වර්ගයේ ගිනි අවියක්, ජීව පතරොමක්, යතුරු පැදි ඉදිරිපස හා පිටුපස ව්‍යාජ වාහන අංක තහඩු 08 ක්, ත්‍රීරෝද රථ ඉදිරිපස හා පිටුපස ව්‍යාජ අංක තහඩු 04 ක්, මෝටර් රථ ඉදිරිපස හා පිටුපස ව්‍යාජ අංක තහඩු 18 ක්, ඉලෙක්ට්‍රොනික් තරාදියක්, රන් මාල 02 ක්,
රන් වළල්ලක්, රන් මුදුවක් යන දේපල පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?